මේක තමයි මම සිංහල සිනමාවෙ මෙතෙක් දැක්ක හොදම නිර්මාණය. ඉතාලි සිනමා නිර්මාණකරුවකු වන Uberto Pasolini තමයි මේකෙ අධයක්ශනය. කතාව ලියලා තියෙන්නෙ Ruwanthie De Chickera මෙන්න මෙයා. මම ලංකාවෙ චිත්‍රපටක දැක්ක වැඩිම වියදක් දරා ඇති චිත්‍රපට මේක.(මම හොදේ) පවුම් මිලියන 5 ක් ගිහිලා හදන්න. මෙම චිත්‍රපටය බැලුවෙ නැත්තම් වැඩක් නැ. ඒ තරම් සිරාම ෆිල්ම් එකක්. මේක කොමඩි ෆිල්ම් එකක් විදියට පෙනුනත් කතාව යටින් ගලාගෙන යන කතාව නම් විශිෂ්ඨයි. ඔයාලා දන්නව ඇතිනෙ මෝදර පැත්තෙ සහ මුඩුක්කු ආශ්‍රිත ජන ජීවිතය. ඉවරයක් නැති ප්‍රශ්ණ හමුවේ ජීවිතයේ අඩියක් හෝ ඉස්සරහට තැබීමට බලා පොරොත්තුවෙන් පිටරට යෑමට උත්සාහ කරන එහෙත් අවස්තාවක් නැති යහලුවන් දෙදෙනෙක් මුහුදු වෙරලේ අපේක්ශා භංගව සිටින විට වීසිකර දමා තිබූ කොල කැබැල්ලක් හමුවේ. මෙහි තිබෙන්නෙ Sri Lanka National Handball Team පිලිබදව විස්තරයක්. ජර්මනිය විසින් සංවිධානය කරනය මෙයට මොවුන්ට අමුතුම අදහසක් එනවා ඒ Sri Lanka National Handball Team ලෙස ජමනියට පැනගැනීමයි. හෑන්ඩ් බෝල් ගැන මෙලෝ හසරක් නොදන්නා මෝවුන් තවත් 22කු සමග ජමනියට යන්න ගහන ප්ලෑන් එක වීනොදයත් කරදරත් පිට සිදුවන සිද්ධි බලන්නම වටිනවා. කොමඩි ෆිල්ම් එකකින් එහා ගිය මිනිසුන්ගේ ජීවිතවල ඇතුලටම කතා කරන මේ සිංහල චිත්‍රපටමෙ පිටරටදී මෙන්ම ශ්‍රී ලංකාවෙදීත් විශාල සම්මාන ප්‍රමාණයක් දිනා ගෙන තිබෙනවා. සියලු නලු නිලියන් විශිෂිඨ රංගනයක් නිරත වෙනවා. විශේෂයෙන් ලෝකයෙ පැරණිම සම්මන උලෙල හා ලෝකයෙ හොදම සම්මාන උලෙලක් වන Venice International Film Festival උලෙලෙදීත් සම්මාන දෙකක් දිනා ගෙන තිබෙනවා. ඔබත් නැරඹුවෙ නැත්තම් පමානොවී නරඹන්න. විශිෂ්ඨ නිර්මාණයක්. මේ ෆිල්ම් එක ගැන කියන්න නම් බොහෝම දේවල් තියෙනවා. ඔයාලට හිතන්නත් බොහෝ දේවල් ඉතුරු කරයි.
මෙන්න ප්‍රධාන නලුවන්
- Dharmapriya Dias as Stanley
- Gihan De Chickera as Manoj
- Dharshan Dharmaraj as Suresh
- Namal Jayasinghe as Vijith
- Sujeewa Priyalal as Piyal
මෙන්න ලබා ගත් සම්මාන
- 2008, Won FEDIC Award at Venice Film Festival
- 2008, Won Label Europa Cinemas Award for Best European film at Venice Film Festival[10]
- 2008, Nominated for International Jury Award at São Paulo International Film Festival
- 2008, Won Audience Award at Kerala International Film Festival
- 2009, Won Audience Award for Best Film at Transilvania International Film Festival
- 2009, Won Best Feature Film at Palm Beach International Film Festival
- 2009, Won Best Screenplay at Durban International Film Festival
- 2009, Won Golden Iris for Best Film at Brussels European Film Festival
- 2009, Won RTBF TV Prize for Best Picture at Brussels European Film Festival
- 2009, Won Award of the Mayor of the City of Trencin at Art Film Festival
- 2010, Won Best Film of the Year at the Sarasaviya Awards[4]
අහ්, කියන්න අමතක උනා මේක ඇත්තටම වෙච්ච සිදිධියක් කියලා තමයි IMdb කියන්නෙ. කතාවෙ අන්තිමට මොකද්ද උනේ කියලා බලාගන්න පුලුවන්.
ෆිල්ම් එකෙ කොපියනම් දෙන්න විදිහක් නැ. ඒත් කොහෙන් හරි හොයාගෙන බලන්න. පහසුවෙන්ම හොයාගන්න පුලුවන් වෙයි. එහෙනම් කොමෙන්ට් එකක් එහෙම දාලා යන්න අමතක කරන්න එපා. ලැබෙන කොමෙන්ට් ප්‍රමාණය අනුව තමා මේ වගේ විශිෂ්ඨ නිර්මාණ ඔයාලා වෙත ගෙන එන්න පුලුවන් වෙන්නෙ.
මේක යූ ටියුබ් එකේ තීනව. ඒ වගේම මේකට පාදක වෙච්ච ඇත්තම තරඟෙ වීඩියොත් යූ ටියුබ් එකේ හොයාගන පුලුවන්.
ReplyDeleteremove word verification pl
ඇත්තටම මාත් මේ ල0කාවෙ දැකපු හොදම ෆිල්ම් එක තම මචන්.එදා තමයි මම දැන ගත්තෙ ල0කාවෙ මිනිස්සුන්ටත් රග පාන්න පුලුවන් බව.එච්චරට අව්‍යාජ රගපෑමක් තමා දකින්න ලැබෙන්නෙ.හිතා ගන්න බෑ ඇයි අපෙ අධ්‍යක්ෂකවරු මෙච්චර දක්ශතා තීන මිනිස්සුව අරන් හද්ද ගොන් කිචි කවාගෙන හිනා වෙන්න ඕන ෆිල්ම් හදන්නෙ කියල.මේකෙ ටොරන්ට් එකක් තීනව,ඒත් සවුන්ඩ්ස් මදි.ඒත් ආයෙම කියන්නෙ....පට්ටම පට්ට ෆිල්ම් එකක්
ReplyDelete@ ඉන්දික උපශාන්ත
ReplyDeleteබොහොම ස්තුතියි මචං මතක් කරාට. ඔයා කිව්වාමයි දැනගත්තෙ word verification තියනවා කියලා.
මමත් දැන් දැනගත්තෙ ඇත්තම වීඩියො යූ ටියුබියෙ තියෙනවා කියලා. බොහොම ස්තුතියි.
@ Anonymous
ReplyDeleteඒක ගැනනම් කතා කරලා වැඩක් නැ මචං. අපේ මිනිස්සු ෆිල්ම් හදන්නෙ සල්ලි හම්බ කරන්න බලාගෙනමයි. ඒක තමා බොලද ආදර කතායි ගොන් කොමඩි කතායි හදන්නෙ. ලංකාවෙ බොහොම දක්ශ තරුණ කොල්ලො කෙල්ලො ඉන්නවා. මෙච්චර ඉදලත් ඔවුන්ගෙන් ප්‍රයෝජන ගන්නෙ නැ. ඔව්න්ගෙන් ප්‍රයොජනයක් ගන්න අපේ අධයක්ශකවරු හිතන දවසකට අපිටත් හොද නිර්මාණ බලන්න පුලුවන් වෙයි. බොහොම ස්තුතියි.
මේක ඇත්ත සිද්ධියක්...මේ සිද්දිය ගැන ලොකු හා හූවක් ගියා ඒ දවස් වල! වැඩේ කියන්නේ මේ චිත්‍රපටිය රූගත කරන්න අරං ගිය කණ්ඩායමෙන් දෙන්නෙකුත් පැනලා ගිහින් තිබ්බා! ටිකක් පරනයි හැබැයි චිත්‍රපටිය!
ReplyDelete@Sabith
ReplyDeleteඅප්පට සිරි මම අදනෙ දන්නෙ ඒ සීන් එක. උන් දෙන්නත් ෆිල්ම් එකට කලින් ගේම දීලා එහෙනම්. ;) ෆිල්ම් එකනම් ටිකක් පරණයි තමා හැබයි ෆිල්ම් එක නම් පස්ට, අනික ලංකාවෙ හොදම සම්මානෙත් හම්බුනානෙ. හොලිවුඩ් බලන අය මේ වගෙ ලංකාවෙ ඒවත් බලන්න. මේ වගේ හොද ඒවා හොයලා දෙන්න තමයි මම ඉන්නෙ
ඔය ෆිල්ම් එකට සම්භන්ධ කතා ගොඩක් තීනව. කොටින්ම ඒ ටීම් එක ජර්මන් යවන වැඩෙට උදව් කරපු සුද්ද තාම මීගමුවෙ ඉන්නව. මිනිහට ජර්මනියෙන් ට්‍රැවල් බෑන් එකක් පවා දාල තිබිල. ඒ පැනපු උන්ගෙන් එකෙ ආයි ඇවිත් ඉන්නව, ඇර අනික් උන්ට උනේ මොකක්ද කියල තාම කවුරුත් දන්නෙ නෑ. උර්බෙටෝ ලංකාවට ඇවිත් තීන්නෙ මේ කතාව පත්තරේක දැකල. මිනිහට ඔය ෆිල්ම් එකේ කෲ එක ජර්මන් ගෙනියන්නත් මාර ගේමක් දෙන්න වෙලා, හැබැයි ඒකෙනුත් දෙන්නෙක් පැනල පස්සෙ උන් අල්ලල. මේ වගේ ඔය ෆිල්ම් එක පිටිපස්සෙ හැංගිච්ච කතා ගොඩක් තීනව. මම ඔය විස්තර දන්නෙ මේකෙ ස්ක්‍රිප්ට් ඩිරෙක්ටර් මගේ නංගි උන නිසා
ReplyDelete( ආනන්ද සර්පයා දුටුවාද :D)
@ ඉන්දික උපශාන්ත
ReplyDeleteඅම්මෙ මේ ෆිල්ම් එකෙ වෙච්ච දේවල් අල්ලලා තව ෆිල්ම් බර ගානක් හදන්න තිබ්බා ;) මම හිතුවෙ නැ මෙච්චර සිද්දි වෙලා කියලා. සිරාවට ඔයාගෙ නංගිද ස්ක්ක්‍රිප්ට් එක? අර සර්පයගෙ කතාව මට එච්චර මීටර් උනෙ නැ. මාත් ටියුබ් ලයිට් වෙලානෙ ;)
mamath film eka baluwa..niyamai,,mudukku jeewitee niyameta aran tiyenawa....bolada nee,,gon nee...patta sira film ekak...
ReplyDeleteow meka ela!
ReplyDelete@ Anonymous
ReplyDeleteසිරාවටම ආයෙත් ආයෙත් බලන්න හිතෙනවා මේ ෆිල්ම් එක. ඒ තරම් ගතියක් තියෙනවා
@ Sri Lankan
ReplyDeleteඔව් ආයෙ වචන දෙකක් නැ. සුපිරියි
සහතික ඇත්ත. මේ චිත්තර පටයනම් සිරා. මමත් කැමතිම එකක් මේක. විහිලුවක් වගේ උනාට ඇතුලෙන් යන කතාව ඇත්තටම වැදගත්. අපේ රටේ සමාජයේ එක පැතිකඩක් පෙන්නනවා.
ReplyDeleteමාත් බලපු විශිෂ්ට නිර්මාණයක්...
ReplyDeleteඒත් කරුමේ කියන්නේ අපේ මහපොළොවේ සිද්ධවුණ දේ නිර්මාණයකට ගන්න පුළුවන් වුණෙත් සුද්දෙක්ටනේ.
@ Sri Kolla
ReplyDeleteඔව් ,අපි දකින්නෙ නැති දන්නෙ නැති සමාජ පැතිකඩක් හොදින් පෙන්වනවා.
@ උදාර
ඒක ඇත්ත, හැබැයි ඕක අපේ රටෙ කෙනෙක් හැදුවනම් මෙච්චර හොදට හදයිද කියන එක සැකයි.
niyama filme akak......
ReplyDeleteමේකේ dvd එක මන් ගාව තාම තියනවා. ජාති ජාති film එක. බැලුවට එපා වෙන් නැ.. ලංකාවේ හෝදම අංක එකේ film එක තම "මචං"
ReplyDeleteනියම film එකක් මං මෙක බලන්නෙ දෙවනි වතාවට 2020දි
ReplyDelete