චිත්‍රපට නිෂ්පාදනය - පෙර නිෂ්පාදනය
පෙර නිෂ්පාදනයේ දී, චිත්‍රපටය නිර්මාණය සහ සැලසුම් කිරීම සිදුවේ. නිෂ්පාදන ආයතනයක් නිර්මාණය කරන අතර නිෂ්පාදන කාර්යාලයක් ද පිහිටු වනු ලැබේ. නිර්මාණයේ කතා ආකෘතියකට නඟන අතර එය චිත්‍ර නිර්මාණකරුවන් සහ සංකල්ප නිර්මාණකරුවන් ආධාරයෙන් දෘශ්‍ය රූපයට නගනු ලැබේ. චිත්‍රපටයේ වියදම බැලීම සඳහා නිෂ්පාදන අයවැයක් ද සටහන් කරගනු ලැබේ. නිෂ්පාදකයා විසින් මුදල් ගෙවා සේවක කණ්ඩායමකගේ සහාය ලබා ගනු ලැබේ. චිත්‍රපටයේ ස්වභාවය සහ වියදම මත, චිත්‍රපට නිෂ්පානය අතරතුර යොදා ගනු ලබන කණ්ඩායමේ ප්‍රමාණය සහ වර්ගය තීරණය කෙරේ. හොලිවුඩ් අති දැවැන්ත නිර්මාණයන්හි නළුනිලි සහ සහාය කණ්ඩායම් පිරිසක් දහස් ගණනක් කටයුතු කරන අතර, අඩු වියදම, සපයන චිත්‍රපටයක්, අටක් හෝ නව දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ආධාරයෙන් නිර්මාණය කරනු ලැබේ. නියමාකාර වශයෙන් කණ්ඩායමකට අයත් කාර්යයන් වන්නේ, · චිත්‍රපටයේ රඟපෑම් සහ නිර්මාණාත්මක කොටස් වෙනුවෙන් මූලික වශයෙන් අධ්‍යක්ෂකවරයා වග කියනු ලැබේ. · සහාය අධ්‍යක්ෂකවරයා (AD) විසින් අනෙකුත් කටයතු මැද රූගත කිරීම් කාර්ය සටහන සහ නිර්මාණයේ මනා සංවිධානය හසුරුවනු ලැබේ. · රඟපෑම් අධ්‍යක්ෂකවරයා විසින් පිටපතෙහි චරිත සඳහා නළු නිළියන් සොයා ගනු ලැබේ. මේ සඳහා සාමාන්‍යයෙන් නළුවාගේ ශ්‍රවණ පරීක්ෂණයක් අවශ්‍ය වේ. ප්‍රධාන චරිත ඉතා පරෙස්සමින් තෝරා ගනු ලබන අතර මෙය බොහෝ විට නළුවාගේ කීර්තිය හෝ “තරු බලය” මත තීරණය වේ. · රූගත කිරීම් ස්ථාන කළමනාකරු විසින් චිත්‍රපටයේ රූගත කිරීම් ස්ථාන සොයා ගැනීම කළමණාකරණය සිදු කරයි. බොහෝ දර්ශන චිත්‍රාගාර ශබ්ද වේදිකාවදී රූගත කරන නමුත් සමහර අවස්ථාවලදී පිටත දී රූගත කරන කොටස් චිත්‍රාගාරයෙන් පිටත රූගත කිරීම් සිදු කෙරේ. · නිෂ්පාදන කළමණාකරු විසින් නිෂ්පාදන වියදම සහ නිෂ්පාදන ක්‍රියා පටිපාටිය කළමනාකරණය කරයි. ඔහු හෝ ඇය විසින් නිෂ්පාදන කාර්යාලය වෙනුවෙන් චිත්‍රපටයේ චිත්‍රාගාර විධායක නිලධාරීන්ට හෝ මූල්‍ය ආයෝජකයන්ට වාර්තා කරනු ලැබේ. · කැමරා අධ්‍යක්ෂක (DP නොහොත් DOP) විසින් චිත්‍රපටයේ ජායාරූපකරණය නිර්මාණය කරයි. ඔහු හෝ ඇය විසින් අධ්‍යක්ෂකවරයා සහ ශ්‍රව්‍ය අධ්‍යක්ෂකවරයා (DOA) සහ සහාය අධ්‍යක්ෂකවරයා සමඟ එක්ව කටයුතු කරයි. · කලා අධ්‍යක්ෂකවරයා විසින් කලා අංශය පාලනය කරයි. එමඟින් රූගත කිරීම් ස්ථාන නිර්මාණය කෙරේ. · නිෂ්පාදන නිර්මාණකරු විසින් කළා අධ්‍යක්ෂකවරයා සමඟ එක්ව නිෂ්පාදන රූගත කිරීම් ස්ථාන හා භාණ්ඩායන්හි ප්‍රතිරූපය සහ භාවය නිර්මාණය කරයි. · ඇඳුම් නිර්මාණකරු විසින් චිත්‍රපටයේ නළු සහ අනෙකුත් අංශ සමඟ ළඟින් කටයුතු කරමින් ඔවුන්ගේ චරිත සඳහා ඇඳුම් නිර්මාණය කිරීම සිදු කරයි. · වෙස් ගැන්වීම් සහ කොණ්ඩා නිර්මාණකරු විසින් ඇඳුම් නිර්මාණකරු සමඟ ළඟින් කටයුතු කරමින් චරිත සඳහා නිශ්චිත පෙනුමක් ලබා දීමට කටයුතු කරයි. · කතා ආකෘති නිර්මාණකරු විසින් අධ්‍යක්ෂවරයාට සහ නිෂ්පාදන නිර්මාණකරුට, ඔවුන්ගේ අදහස් නිෂ්පාදන කණ්ඩායමට සන්නිවේදනය කිරීමට උදවු වීමට දෘශ්‍ය රූප නිර්මාණය කරනු ලැබේ. · නිෂ්පාදන ශබ්ද පරිපාලක විසින් චිත්‍රපටයේ නිෂ්පාදන අවස්ථාවේ දී ශබ්ද පාලනය සිදු කරයි. ඔහු හෝ ඇය අධ්‍යක්ෂකවරයා, කැමරා අධ්‍යක්ෂකවරයා සහ සහාය නිෂ්පාදකවරයා සමඟ එක්ව කටයුතු කරයි. · ශබ්ද නිර්මාණකරු විසින් foley නිර්මාණකරුවන්ගේ සහාය ඇතිව අලුත් ශබ්ද නිර්මාණය කරන අතර චිත්‍රපටයේ ශ්‍රව්‍යමය දැනීම වැඩි දියුණු කරයි. · රචකයන් විසින් චිත්‍රපටය සඳහා අලුත් ගීත නිර්මාණය කරයි. · නර්තන නිර්මාණකරු විසින්, බොහෝ විට සංගීතමය අවස්ථාවන් සඳහා චලන සහ නර්තන නිර්මාණය කිරීම සහ සම්බන්ධීකරණය සිදු කරයි. සමහර චිත්‍රපට සඳහා සටන් චලන නිර්මාණකරුවන් ද යොදා ගනී.
චිත්‍රපට නිර්මාණය - පශ්චාත් නිර්මාණය
මෙහිදී චිත්‍රපට සංස්කාරක විසින් චිත්‍රපටය එකලස් කරනු ලබයි. චිත්‍රපට
නිර්මාණය කිරීමේ ක්‍රියාවලිෙය් වීඩියෝ කිරීමේ නවීන භාවිතයන් කාර්ය ගලායෑමේ
ප්‍රභේද ප්‍රතිඵල 2 ක් ඇති කරයි. එකක් සම්පූර්ණයෙන්ම චිත්‍රපටය භාවිතා
කරයි. අනෙක චිත්‍රපටයේ හා වීඩියෝවේ මිශ්‍රණයක් භාවිතා කරයි. චිත්‍රපට
කාර්යය ගලා යෑමේදී යාන්ත්‍රික සංස්කරණ යාන්ත්‍රයකින් සංස්කරණය සඳහා මුල්
කැමරා චිත්‍රපටය (ප්‍රතිවිරුද්ධ) එක් සැහැල්ලු (one-light) වැඩ මුද්‍රණයකට
සංවර්ධනය සහ පිටපත් කිරීම සිදු කරයි. පින්තූර රාමුවේ ස්ථානය දැක්වීම සඳහා
ගැට්ටෙහි පිහිටි කේතයක් චිත්‍රපටය සඳහා සටහන් කරයි. ඇවිඩ් (Avid) කොන්ටෙල්
(Quantel) හෝ ෆයිනල් කට් ප්‍රෝ (final cut pro) වැනි රේඛාමය නොවන සංස්කරණ
පද්ධතීන් සංවර්ධනය වූ දා සිට චිත්‍රපට කාර්යය ගලා යෑම යොදා ගත්තේ කිහිපයක්
නිෂ්පාදනයන් සඳහා පමණි.
වීඩියෝ කාර්යය ගලා යෑමේදී කැමරාවේ මුල් පිටපත වීඩියෝ කිරීමට සංවර්ධනය කළේ පරිගනක සංස්කාරක මෘදුකාංගයක් සමඟ සංස්කරණය සඳහාය. කාලකේතයක් වීඩියෝ පටයේ පටිගත කරනුයේ පින්තූර රාමුවේ පිහිටීම නිශ්චය කිරීම සඳහාය. වීඩියෝ පින්තූර රාමුවල නිෂ්පාදන ශබ්දයක් ඇතිවීම මෙම ක්‍රියාවලිය අතරතුරේදී සිදුවේ.
චිත්‍රපට සංස්කාරවරයෙකුගේ මුල්ම කාර්යය වන්නේ තනි දර්ශන මත පදනම්ව අනුපිළිවෙලට දළ කොටසක් (rough cut) ගොඩනැඟීමයි. දළ කොටසෙහි අරමුණ වනුයේ හොඳ දර්ශන තෝරා ගැනීම හා පිළිවෙළට සකස් කිරීමය. ඊළඟ පියවර වනුයේ සෑම දර්ශනයක්ම බාධාවක් රහිත කතාවක් ලෙස ප්‍රසන්නව ගලායෑමට ඉඩදී අලංකාර කොටසක් (fine cut) නිර්මාණය කිරීමයි. දර්ශන මිනිත්තු, තත්පර හෝ රාමුවලට පවා කෙටි කිරීම නොහොත් චිත්‍රපට දර්ශන හැඩ කිරීම මෙම පියවරේදී සිදු කරනු ලබයි. අලංකාර කළ කොටස තිරගත කිරීමෙන් හා අධ්‍යක්ෂක විසින් අනුමත කිරීමෙන් පසු චිත්‍රපටය අඟුළු දමනු ලබයි. මෙහි අර්ථය වන්නේ වැඩිදුර වෙනස් කිරීම් නොමැති බවයි. ඉන්පසු ඍණාත්මක දර්ශන ලේඛනයක් (සීමාවෙහි වූ කේතයන් භාවිතයෙන්) හෝ සංස්කරණ තීරණ ලේඛණයක් (කාලකේතයන් භාවිතයෙන්) අතින් හෝ ස්වයංක්‍රීයව සංස්කාරක විසින් ගොඩනඟනු ලබයි. මෙම සංස්කරණ ලේඛන අලංකාර කොටසෙහි (fine cut) වූ සෑම මූලාශ්‍රයක්ම හා චිත්‍රපට රාමුවක්ම හඳුනාගනු ලබයි.
චිත්‍රපටය වැඩිදුර වෙනස්කම් කිරීම්වලින් තොරවූ විට සංස්කාරකගෙන් ශබ්දාගාරය වෙත ස්වරමාලා නිර්මාණය සඳහා යවනු ලබයි. ශබ්ද පටිගත කිරීම් සමකාලීන කිරීමෙන් පසු අවසන් ශබ්ද මිශ්‍රය සාදනු ලබයි. ශබ්ද බලපෑම, වටපිටාවෙහි ශබ්ද, ADR දෙබස්, Walla සහ සංගීතය ශබ්ද මිශ්‍රය මඟින් සංයෝග කරනු ලබයි.
චිත්‍රපට නිර්මාණය - බෙදාහැරීම
මෙය චිත්‍රපට නිර්මාණයේ අවසන් අදියර වන අතර මෙහිදී චිත්‍ර පටය සිනමා ශාලා හෝ කලාතුරකින් DVD, VCD හෝ VHS (VHS පට වර්තමානයේ එතරම් භාවිත නොවන අතර වැඩිදෙනෙක් සතුව DVD ධාවක යන්ත්‍ර පවතී.) ඔස්සේ බෙදාහරිනු ලැබේ. චිත්‍රපටි සිනමාමය බෙදාහැරීම සඳහා අවශ්‍ය පරිදි පිටපත් කරගනු ලැබේ. මාධ්‍ය සඳහා විශේෂිත කට්ටලයන් ලබාදෙන අතර පොස්ටර් සහ අනෙකුත් ප්‍රචාරක ද්‍රව්‍යය පලකිරීම මගින් චිත්‍ර පටය පිළිබඳ ප්‍රචාරය කරනු ලැබේ.
සාමාන්‍යයෙන් චිත්‍රපටය උත්සවාකාරයෙන් ප්‍රදර්ශනය ආරම්භ කෙරෙන අතර මාධ්‍ය සාකච්ඡා සිදු කිරීම සහ ප්‍රකාශ නිකුත් කිරීම සිදුකෙරෙයි. තවද ඇතැම් විට නිර්මාණයෙහි පෙරදසුනක් මාධ්‍ය වෙත ලබාදෙන අතර චිත්‍රපටය සිනමා උත්සව වෙතද ඉදිරිපත් කෙරෙයි. චිත්‍රපටය පිළිබඳ විස්තර ඇතුළත් වෙබ් අඩවියක් ද නිර්මාණය කිරීම බොහෝ විට සිදුවේ. තෝරා ගනු ලැබූ සිනමා ශාලාවල චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරෙන අතර සාමාන්‍යයෙන් මාස කිහිපයකට පසු DVD පිටපත් නිකුත් කෙරෙයි. සාමාන්‍යයෙන් චිත්‍රපටය සහ DVD පිටපත් ලොව පුරා ප්‍රචාරණය සඳහා අලෙවි කිරීමේ බලතල අලෙවි කෙරෙයි. ලැබෙන ලාභය බෙදාහැරීමේ ආයතනය සහ නිෂ්පාදක ආයතනය අතර බෙදා ගනු ලැබේ.
විස්තර සහ උපුටා ගැනීම; විකිපීඩියා නිදහස් විශ්ව කෝශය

No comments:
Post a Comment