කොහොම කියන්නද මේ ෆිල්ම් එක ගැන. ඒ තරම් සුපිරි ෆිල්ම් එකක්. මම බලපු හොදම ඇක්ශන් ෆිල්ම් එක. ඇක්ශන් ෆිල්ම් එකකට එහා ගිය පට්ටම ස්ටොරියක් තියෙන කතාවක්. මම කියනවට විශවාස නැත්තම් IMDb රේටින් 8.9 ක් ගත්ත ලෝකෙ හොදම ෆිල්ම් අතර 9 වන ස්තානයේ මේ ෆිල්ම් එක නම් මග හරින්න එපා. මේ කතාව හොදින් තේරුම් ගන්න Batman Begins (2005) චිත්‍රපටිය බලන්න . ඒත් ඒක බාදාවක් නෙමේ මේ චිත්‍රපටිය බලන්න. 2008 වසර් හොල්මන් කරපු මේ චිත්‍රපටිය හදලා තියෙන්නෙ සුපිරි අධයක්ශකවරයෙකු වන Christopher Nolan මෙයා ෆිල්ම් එකක් හැදුවොත් මොලේ පැටලෙන එක අහන්න දෙයක් නෙමෙයි. ප්‍රධාන චරිත Christian Bale, Heath Ledger and Aaron Eckhart විසින්. මෙහි බැට්මෑන්ගෙ හතුරට රගපාන Heath Ledger චිත්‍රපටය තිරගත් වීමට මාස කීපයකට පෙර මිය ගියා. මේ දක්ශ නලුවා ලෝකෙට අහිමි උනෙ අධික ලෙස නිදි පෙති බාවිතයෙන් කියලා තමයි කියන්නෙ. ඒත් ඔහුගේ මරණයට නිශ්චිත හේතු තවමත් නෑ.
බැට්මෑන් කියන්නෙ සුපිරි වීරයෙක්. මොහුව නිර්මාණය කරෙ 1039 DC comics ආයතන විසින්. ඇත්තටම අනෙක් ප්‍රධාන comic නිර්මාණ ආයතන වන MARVEL comics ආයතනයට කරට කර සටනක් දුන්නා. කෙසේ වෙත්තත් 2008 දි MARVAL කොමික්ස් ආයතනයට හොද පහරක් වැදුනා මෙම චිත්‍රපටියෙන්. මෙම චිත්‍රපටිය තමයි මෙතෙක් වැඩිම ආදායම් උපයා ගත් චිත්‍රපටි අතර 10 වන ස්තානයේ පසුවන්නෙ. මම මේ චිත්‍රපටිය ගැන කියන්නෙ නැ. ඔයාලම බලන්න. ආ තව දෙයක් ඊලග අවුරුද්දෙ මේකේ ඊලග කොටස එනවා. ඒ The Dark Knight Rises (2012) ඒකෙ ට්‍රේලර් එක පහල ඇති. ඩොලර් මිලියන 250 ක අති විශාල වියදමකින් හදන මේ චිත්‍රපටිය බලන්න සෑහෙන්න කට්ටියක් බලන් ඉන්න එක නම් නොඅනුමානයි.
එහෙනම් කොමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා
maxxa movie ekak mama balapu.
ReplyDeleteබලමු එහෙනම්!
ReplyDelete