Friday, December 23, 2011

Aliens (1986) - අනිවා බලන්න

මේක පරණ උනාට එල බඩුවක්. ආයෙ පට්ටම කතාවක් තියෙන්නෙ . ජේම්ස් කැමරන් හැදුව නිසා බයවෙන්න දෙහෙයක් නෑ. IMDb එකෙත් 8.5 තියෙනවා. මේක පිටසක්වල ජීවීන් ගැන විතරක් නෙමෙ පෙන්වන්නෙ ඊට වඩා ඇතුලට ගිය කතාවක්. කතාවෙ අන්තිමට අපිට අමුතුම හැගීමක් දැනෙනවා. ඒ තරම් සුපිරි විදියට මෙම චිත්‍රපටය හදලා තියෙන්නෙ. පරණ උනාට විශුවල් ඉෆෙක්ට් හොදට තියෙනවා . මම මේක දාන්න හේතුව තමයි මේකෙ අලුත්ම කොටසක් 2012 එනවා. ඒ තමයි Prometheus . ඒක හදන්නෙ අලියන් පලමු කොටස හදපු රිඩ්ලි ස්කොට්. තාම නිකුත් කරලා තියෙන්නෙ පිංතූරයක් විතරයි. 2012 ජූනි 8 තමයි තිරගත වීමට නියමිතව තිබෙන්නෙ.


    
         
               1 GB කොපිය මෙතනින් බා ගන්න

Thursday, December 22, 2011

The Dark Knight Rises(2012) - කලු නයිට්වරයාගෙ නැවත පැමිනීම

         මෙන්න July 20, 2012 තිරගත වීමට නියමිත The Dark Knight චිත්‍රපටියේ අලුත් කොටසයි. මෙහි පූර්ව ප්‍රචාරක පටය ඊයෙ නොකුත් උනා. මට නම් හිතෙන්නෙ අනිත් ෆිල්ම්ස් දෙකටත් වඩා පට්ට ෆිල්ම් එකක් කියලා. මේක නිශ්පාදනය කරන්න $ මිලියන 250 ක් ගිහිල්ලා තියෙනවා. තවත් වැඩි වෙන්න පුලුවන්, මේකත් ක්‍රිසෝපර් නෝලන්ගෙ තවත් වැඩක්.   2012 කියන්නෙ හොලිවුඩයේ දැඩි තරගයක් තියෙන වසරක්. ඒ තරම් සුපිරි ෆිල්ම් ටිකක් තමයි එන්න තියෙන්නෙ.  තවත් සුපිරි ෆිල්ම් වල ට්‍රෙලර්ස් නිකුත් වී තිබෙනවා. ඒවත් දෙන්නම්කො පස්සෙ. ආ කියන්න අමතක උනා මේකේ කැට් වුමන් කියලා කෙල්ලෙකුත් ඉන්නවනෙ.


               

Sunday, December 18, 2011

The Dark Knight (2008) - කලු නයිට් වරයා


කොහොම කියන්නද මේ ෆිල්ම් එක ගැන. ඒ තරම් සුපිරි ෆිල්ම් එකක්. මම බලපු හොදම ඇක්ශන් ෆිල්ම් එක. ඇක්ශන් ෆිල්ම් එකකට එහා ගිය පට්ටම ස්ටොරියක් තියෙන කතාවක්. මම කියනවට විශවාස නැත්තම් IMDb රේටින් 8.9 ක් ගත්ත ලෝකෙ හොදම ෆිල්ම් අතර 9 වන ස්තානයේ මේ ෆිල්ම් එක නම් මග හරින්න එපා. මේ කතාව හොදින් තේරුම් ගන්න Batman Begins (2005) චිත්‍රපටිය බලන්න . ඒත් ඒක බාදාවක් නෙමේ මේ චිත්‍රපටිය බලන්න. 2008 වසර් හොල්මන් කරපු මේ චිත්‍රපටිය හදලා තියෙන්නෙ සුපිරි අධයක්ශකවරයෙකු වන Christopher Nolan මෙයා ෆිල්ම් එකක් හැදුවොත් මොලේ පැටලෙන එක අහන්න දෙයක් නෙමෙයි. ප්‍රධාන චරිත Christian BaleHeath Ledger and Aaron Eckhart විසින්. මෙහි බැට්මෑන්ගෙ හතුරට රගපාන Heath Ledger චිත්‍රපටය තිරගත් වීමට මාස කීපයකට පෙර මිය ගියා. මේ දක්ශ නලුවා ලෝකෙට අහිමි උනෙ අධික ලෙස නිදි පෙති බාවිතයෙන් කියලා තමයි කියන්නෙ. ඒත් ඔහුගේ මරණයට නිශ්චිත හේතු තවමත් නෑ. 
  බැට්මෑන් කියන්නෙ සුපිරි වීරයෙක්. මොහුව නිර්මාණය කරෙ 1039 DC comics ආයතන විසින්. ඇත්තටම අනෙක් ප්‍රධාන comic නිර්මාණ ආයතන වන MARVEL comics ආයතනයට කරට කර සටනක් දුන්නා.  කෙසේ වෙත්තත් 2008 දි MARVAL කොමික්ස් ආයතනයට හොද පහරක් වැදුනා මෙම චිත්‍රපටියෙන්. මෙම චිත්‍රපටිය තමයි මෙතෙක් වැඩිම ආදායම් උපයා ගත් චිත්‍රපටි අතර 10 වන ස්තානයේ පසුවන්නෙ. මම මේ චිත්‍රපටිය ගැන කියන්නෙ නැ. ඔයාලම බලන්න. ආ තව දෙයක් ඊලග අවුරුද්දෙ මේකේ ඊලග කොටස එනවා. ඒ The Dark Knight Rises (2012) ඒකෙ ට්‍රේලර් එක පහල ඇති. ඩොලර් මිලියන 250 ක අති විශාල වියදමකින් හදන මේ චිත්‍රපටිය බලන්න සෑහෙන්න කට්ටියක් බලන් ඉන්න එක නම් නොඅනුමානයි.


     
එහෙනම් කොමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා

Friday, December 16, 2011

Eagle Eye (2008) - උකුසු ඇස්


     මේක ටිකක් පරණ උනාට සිරාම ෆිල්ම් එකක්. අමුතු ආකර්ශනීයබාවයක් තියෙනවා මේ චිත්‍රපටියෙ.  එකෙ ප්‍රධාන චරිත කවුරුත් දන්න ට්‍රාන්ස්ෆෝමර්ස් කතා මාලාවෙ රගපාපු  Shia LaBeouf සහ  Michelle Monaghan . අධයක්ශනය distrubia, i am number four ෆිල්ම් හදපු D.J. Caruso .  නිශ්පාදනය ස්පීල්බර්ග් මාමා නිසා ආයෙ මොන කතාද.


         ජෙරී ෂෝ කියන්නෙ කඩයක වැඩකරන තරුණයෙක්. හදිස්සියේම ඔහුට දැනගන්න ලැබෙන්නෙ තම නිවුන් සොහොයුරා මිය ගිය බවටයි. මොහු අවමංගලයට සහභාගී වීමෙන් පසු තම කූලී නිවසට යන විට නිවාස අයිතිකාරිය කියන්නෙ තමාට විශාල පාර්සල් තොගයක් යම් පිරිසක් විසින් ගෙනත් තැබූ බවයි. මොහු කාමරයට යන විට මොහුට දැකගන්න ලැබෙන්නෙ අති විශාල අවි ආයුධ තොගයක් තම කාමරයෙ තිබෙන බවයි. මේ අවස්තාවෙ ඔහුට ගැහැනියකගෙන් දුරකථන ඇමතුමක් ලැබෙනවා. ඇය කියන්නෙ තමන් පොලීසියෙ අත්තඩංගුවෙ පත්ව සිටින බවත් එයි බේරීමටනම් ගොඩ නැගිල්ලෙස් පනින ලෙසත්ය. මේ සිදුවීම් වලින් මඤ්ඤං වන මොහු මේ අවස්තාවෙ පොලීසිය විසින් අත්තඩංගුවට පත් වෙනවා. ‍‍‍‍පසුව ඉහල නියෝගයක් ලැබෙනවා මොහුව නිදහස් කරන ලෙස. තවත් තැනක තරුණ මවක් තම පුතා කෝච්චියෙ යන අතරතුර මවට දුරකතනයෙන් ඇමතුමක් ලැබෙන්නෙ තම පුතාව අවශ්‍යනම් තමා කියන විදියට වැඩ කරන්න කියාය. කෙසේ හෝ මොවු දෙදෙනා මේ නොහදුදන ඇමතුම් හමුවෙ මුණගැසෙනවා. මෙම කතාකරන ගැහැණියට තමාට නගරයේ ඇති සියලුම විදුලි උපාංග ක්‍රියාකල හැකි බව පවසයි.  මේ තමා කතාවෙ මුල් ටික . ආයෙ පස්ට ෆිල්ම් එක කුතුහලය මුලු චිත්‍රපටිය පුරාම තියෙනවා. අන්තිමට නම් අපිව පුදුම කරනවා. බැලුවෙ නැත්තම් අදම බලන්න. බැලුවත් ආයෙ බලන්න හිතෙනවා.  පහල ඇති ලින්ක් එක.

                                  700mb මෙතනින් බා ගන්න
            278mb කොපිය මෙතනින් බා ගන්න

Thursday, December 15, 2011

Machan (2008) - මචං , නම බලලා ෆිල්ම් බලන්න එපා.

 


        මේක තමයි මම සිංහල සිනමාවෙ මෙතෙක් දැක්ක හොදම නිර්මාණය. ඉතාලි සිනමා නිර්මාණකරුවකු වන Uberto Pasolini  තමයි මේකෙ අධයක්ශනය. කතාව ලියලා තියෙන්නෙ Ruwanthie De Chickera මෙන්න මෙයා. මම ලංකාවෙ චිත්‍රපටක දැක්ක වැඩිම වියදක් දරා ඇති චිත්‍රපට මේක.(මම හොදේ) පවුම් මිලියන 5 ක් ගිහිලා හදන්න. මෙම චිත්‍රපටය බැලුවෙ නැත්තම් වැඩක් නැ. ඒ තරම් සිරාම ෆිල්ම් එකක්. මේක කොමඩි ෆිල්ම් එකක් විදියට පෙනුනත් කතාව යටින් ගලාගෙන යන කතාව නම් විශිෂ්ඨයි. ඔයාලා දන්නව ඇතිනෙ මෝදර පැත්තෙ සහ මුඩුක්කු ආශ්‍රිත ජන ජීවිතය. ඉවරයක් නැති ප්‍රශ්ණ හමුවේ ජීවිතයේ අඩියක් හෝ ඉස්සරහට තැබීමට  බලා පොරොත්තුවෙන් පිටරට යෑමට උත්සාහ කරන එහෙත් අවස්තාවක් නැති යහලුවන් දෙදෙනෙක් මුහුදු වෙරලේ අපේක්ශා භංගව සිටින විට වීසිකර දමා තිබූ කොල කැබැල්ලක් හමුවේ. මෙහි තිබෙන්නෙ  Sri Lanka National Handball Team පිලිබදව විස්තරයක්. ජර්මනිය විසින් සංවිධානය කරනය මෙයට මොවුන්ට අමුතුම අදහසක් එනවා ඒ Sri Lanka National Handball Team  ලෙස ජමනියට පැනගැනීමයි. හෑන්ඩ් බෝල් ගැන මෙලෝ හසරක් නොදන්නා මෝවුන් තවත් 22කු සමග ජමනියට යන්න ගහන ප්ලෑන් එක වීනොදයත් කරදරත් පිට සිදුවන සිද්ධි බලන්නම වටිනවා. කොමඩි ෆිල්ම් එකකින් එහා ගිය මිනිසුන්ගේ ජීවිතවල ඇතුලටම කතා කරන මේ සිංහල චිත්‍රපටමෙ පිටරටදී මෙන්ම ශ්‍රී ලංකාවෙදීත් විශාල සම්මාන ප්‍රමාණයක් දිනා ගෙන තිබෙනවා. සියලු නලු නිලියන් විශිෂිඨ රංගනයක් නිරත වෙනවා. විශේෂයෙන් ලෝකයෙ පැරණිම සම්මන උලෙල හා ලෝකයෙ හොදම සම්මාන උලෙලක් වන Venice International Film Festival  උලෙලෙදීත් සම්මාන දෙකක් දිනා ගෙන තිබෙනවා.  ඔබත් නැරඹුවෙ නැත්තම් පමානොවී නරඹන්න. විශිෂ්ඨ නිර්මාණයක්. මේ ෆිල්ම් එක ගැන කියන්න නම් බොහෝම දේවල් තියෙනවා. ඔයාලට හිතන්නත් බොහෝ දේවල් ඉතුරු කරයි. 
    මෙන්න ප්‍රධාන නලුවන් 
  • Dharmapriya Dias as Stanley
  • Gihan De Chickera as Manoj
  • Dharshan Dharmaraj as Suresh
  • Namal Jayasinghe as Vijith
  • Sujeewa Priyalal as Piyal                                                
  මෙන්න ලබා ගත් සම්මාන  
 අහ්, කියන්න අමතක උනා මේක ඇත්තටම වෙච්ච සිදිධියක් කියලා තමයි IMdb කියන්නෙ. කතාවෙ අන්තිමට මොකද්ද උනේ කියලා බලාගන්න පුලුවන්.
 ෆිල්ම් එකෙ කොපියනම් දෙන්න විදිහක් නැ. ඒත් කොහෙන් හරි හොයාගෙන බලන්න. පහසුවෙන්ම හොයාගන්න පුලුවන් වෙයි.  එහෙනම් කොමෙන්ට් එකක් එහෙම දාලා යන්න අමතක කරන්න එපා. ලැබෙන  කොමෙන්ට් ප්‍රමාණය අනුව තමා මේ වගේ විශිෂ්ඨ නිර්මාණ ඔයාලා වෙත ගෙන එන්න පුලුවන් වෙන්නෙ.

Wednesday, December 14, 2011

The Darkest Hour (2011)

හරියටම නත්තල් දවසේ තිරගත වීමට නියමිත The Darkest Hour  චිත්‍රපටය science-fiction action horror යන කාණ්ඩ යටතෙ වර්ග කෙරෙනවා. ලෝකෙට පිටසක්වල ජීවීන් පැමිනෙනවා. ඒත් එන්නෙ හොදකට නෙමෙයි. ලෝකෙ තියෙන බල ශක්තිය හොරකම් කරන්න. මේවා අරගන්න මේගොල්ලො ලෝකෙම විනාශ කරනවා. පිටසක්වලයන්ගෙ ප්‍රහාර අතරින් දිවි බේරා ගැනීමට සටනක් යෙදෙන තරුණ තරුණියන් පස් දෙනෙක් ගැනයි මේ කතාව  ගොඩ නැගිලා තියෙන්නෙ.ඉතින් තව ටික කාලයක් බලන් ඉන්න වෙනවා මේක බලන්න. කොමෙන්ටුවක් දාලා යන්නත් අමතක කරන්න එපා.


                                           පූර්ව ප්‍රචාරක පටය


               

Quantum Of Solace music video "Another Way To Die" featuring Alicia Keys and Jack White

කවුරුත් දන්න ජේම්ස් බොන්ඩ් කතා මාලාවෙ ලගදීම ආපු කතාව තමයි Quantum Of Solace .  ඒකෙ theme song එක තමා මේ Another Way To Die. කියන්නෙ . කියන්නෙ  Jack White සහ  Alicia Keys. සමහර රටවල මේ සිංදුව ඒ රටවල සංගීත දර්ශක වල අංක 1 බවටත් පත් උනා. අහලා බලන්න පස්ට සිංදුවක්. ෆිල්ම් වලට එන පට්ට ගති සිංදු තියෙනවා. සමහර සිංදු චිත්‍රපටියෙන් ඇහෙන්නෙත් නැ. මම ඉන්නෙ ඉතින් ඒවා හොයලා දෙන්න තමයි. එහෙනම් සිංදුව බලලා කොමෙන්ට් එකකුත් දාලා යන්නකො.


                                 මෙන්න ෆිල්ම් එකෙ යන සිංදුව. මම නම් වැඩියෙන්ම ආස මේකට


               මේ තියෙන්නෙ සිංදුවට මියුසික් වීඩියෝ එක. මට නම් හිතෙන්නෙ මේක කාගෙන වගෙ

Tuesday, December 13, 2011

Super 8 (2011) - ළමා කතාවක් නොවේ.

මේ කියන්න යන්නෙ මේ අවුරුද්දෙ තිරගත් උන තවත් සුපිරිම කතාවක්. ආයෙ පට්ට පතුරු. මෙහි අධයක්ශනය J.J. Abrams විසින්. නිශ්පාදනය අපි කවුරුත් දන්න කියන Steven Spielberg . ඉතින් මේක ගැන දෙපාරක් හිතන්න දෙයක් නැ. 

    1979 දි කුඩා ලමුන් පිරිසක් Super 8 (ඉස්සර කාලෙ චිත්‍රපටි තාක්ශනයක්) තාක්ශනයෙන් චිත්‍රපටයක් රූ ගත කරනවා. හදිස්සියෙ රූ ගත කරන ස්ථානයේ දුම්රිය අනතුරක් සිදු වෙනවා. මෙම අනතුරින් මේ ලමයින්ට අනතුරක් වෙන්නෙ නැ. එහෙත් ඒ අනතුරෙන් පසුව මේ නගරයේ අමුතු දේවල් සිදුවෙනවා. නගරයේ මිනිසුන් හා විවිධ භාණ්ඩ නැති වෙනවා. කතාවෙ ඉතුරු ටික ඔයාලම බලන්න. මෙතනින් එහාට කතාව හරිම ලස්සනට තමා ගලාගෙන යන්නෙ. ඉතින් කොල්ලනේ කොමන්ට් එකක් එහෙම දාලා යන්න අමතක කරන්න එපා. ඔයාලගෙ අදහස් බලා ගන්න තමා මම මේක කරන්න. ඉතින් කොල්ලනෙ තරහ නැතුව කොමන්ට් එකක් දාලා යන්න. ඔන්න මම ඕන කෙනෙක්ට කොමන්ට් කරන්න පුලුවන් විදියට හැදුවත් එක්ක... 

    
                        700mb මෙතනින් බා ගන්න.
                             

The Chronicles of Narnia the Lion the Witch and the Wardrobe 2005- soundtrack



මම අහපු ලස්සනම සංගීත පටයක් තමා මේක. මේ චිත්‍රපට නම් හැමෝම වගෙ බලලා ඇති. බලලා නැත්තම් කොහොම හරි බලන්න , සුපිරිම ෆිල්ම් එකක්. මේක  කොච්චර ජනප්‍රිය උනාද කිව්වොත් ඇමරිකාවෙ බිල්බොර්ඩ් දර්ශකයෙ හොදම සවුන්ඩ් ට්‍රැක් අතර 2 වැනි තැනට පත් උනා. ඒ තරම් ලස්සන සිංදු ටිකක් තියෙන්නෙ.  පහලින් බා ගෙන බලන්නකො කොහොමද කියලා.

                                                        මෙතනින් බා ගන්න

The Grey (2012)

2012 ජනවාර් 27 දි තිරගත වීමට නියමිත සුපිරි ෆිල්ම් එකක් තමයි මේක.  ප්‍රධාන චරිතය තමයි  Liam Neeson . මෙයා ගැන නම් ආයෙත් කියන්න දෙයක් නැනෙ. අධයක්ශන the A-team චිත්‍රපටිය හදපු Joe Carnahan .  action, drama, thriller ගනයට වැටෙන මෙමෙ චිත්‍රපටියෙන් කියවෙන්නෙ ගුවන්යානා අනතුරකින් ඇලස්කාවට වැටෙන් ගුවන්යානයෙන් දිවි බේරා ගන්නා කිහිප දෙනා තද ශීතලෙන් හා හිම වෘර්කයන්ගෙන් ජීවිතය බේරා ගැනීමට යෙදෙන සටනකි. ෆිල්ම් trailer එකෙන් හා IMDb එකෙන් කියවෙන්නෙ ඔය ටික තමයි. 2012 වෙනකන් ඉමු ඉතින් මේ ෆිල්ම් එක බලන්න.

                                                       මෙන්න පූර්ව ප්‍රචාරක පටය
                     

In Time (2011) - රත්තරං වලටත් වඩා වටිනා කාලය.

  2011 දී තිරගත් උන තවත් සුපිරිම චිත්‍රපටයක් තමයි IN TIME කියන්නෙ. අධයක්ශනය Andrew Niccol ගෙන්. ප්‍රධාන චරිතය Justin Timberlake . ජස්ටින් ටිම්බර්ලේක් කලින් දක්ශ ගායකයෙක්. ඉංග්‍රීසි සිංදු වල කැමති අය මෙයා ගැන දන්නවා ඇති. මෙයා MTV සම්මානය පවා ලබා ගෙන තිබෙනවා. දැන් මෙයාව දකින්න ලැබෙන්නෙ සිනමාවෙන්. අනිත් චරිත ලෙස, Cillian Murphy ,  Amanda Seyfried  රංගනයෙන් දායක වෙනවා. IMDb අගය 6.6 ක් තමා ලබා දීලා තියෙන්නෙ.


     නුදුරු අනාගතයේදි අධික ජනගහනය නිසා ජනගහනය පාලනය කිරීමට අපූරු ක්‍රමයක් යොදා ගන්නවා. ඒ උපදින විටම අතේ ඩිජිටල් ඔරලෝසුවක් සවි කරනවා ,මිනිසෙක් උපදින විට අවුරුදු 25 දී වයසට යැම නවතිනවා. ඊට පසු අවුරුද්දක් පමණක් නොමිලේ ජීවත් වීමට අවස්තාව දෙනවා. ඊට පසුව මුදල් දී කාලය ගත යුතු වනවා. ඒ කාලෙදි හුවමාරු මාධය වන්නෙ මුදල් නොව කාලයයි. පොහොසතුන් හැමදාම ජීවත් වනවා, දුප්පතු තරුණකාලයේදි මිය යනවා. මම මේ කිව්වෙ කතාව නෙමෙ කතාවෙ මූලික හරයයි. කතාව මීට වඩා වෙනස් විධියට තමා ගලා ගෙන යන්නෙ. ඔයාලා බැලිය යුතු හොද කතාවක් කියන්න ඕනෙ. R5 කොපියක් තමා දීලා තියෙන්නෙ. ඒත් හොද ගුණත්වයෙන් තිබෙනවා කියලා කියන්න ඔනෙ. V-9, A-7 තමයි කොමෙන්ට් අනුව ලබා දීලා තියෙන්නෙ.     


       
                         820mb මෙතනින් ගන්න     
                        400mb මෙතනින් ගන්න


                     

Monday, December 12, 2011

Rise of the Planet of the Apes (2011) - වානරයන්ගෙ පිබිදීම

හැදින්වීම ඉවර වෙලා මුලින්ම දෙන්න යන්නෙ 2011 දී ආපු සුපිරිම ෆිල්ම් එකක්. IMDb 7.7 ක් ගත්ත මේ චිත්‍රපටිය ප්‍රධාන චරිතය James Franco විසින්. ජේම්ස් ෆ්‍රැන්කෝ ගෙ රංගන ගැන ආයෙත් අලුතෙන් කියන්න ඔනෙ නැනෙ. මේක Planet of the Apes කතා මාලාවෙ අලුත්ම කතාවයි. ඒත් කලින් කතා වලට කිසිම සම්බණ්දයක් නැ. කතාව ටිකක් කිව්වොත් , 
    විල් කියන විද්‍යාඥයා ඇල්ශමර් කියන රෝගයට බෙහෙත් හොයන්න පරීක්ශන කරනවා. ඒකට යොදා ගන්නෙ චිම්පන්සීන්ව. මොවුන් මේ සදහා අප්‍රිකාවෙන් අල්ලාගත් චිම්පන්සියෙකු යොදා ගන්නවා. එහෙත් මේ චිමපන්සියා කලහකාරී ලෙස හැසිරීම නිසා ආරක්ශකයෙකු අතින් මරණයට පත් වෙනවා. එහෙත් එම චිමපන්සි ධේනුවක් බව දැනගන්නා විට ඇය පැටවකු බිහි කල අවසන්. විල් කියන විද්‍යාඥයා එම පැටියා හදාගන්න ගෙදර ගෙනියනවා. එහෙත් ඔවුන්ට බලාගන්න වෙන්නෙ පුදුමාකාර දෙයක්, මේ පැටියා මානව ස්වරූප පෙන්වනවා. ඔතනින් තමා කතාවෙ හොදම ටික පටන් ගන්නෙ. ඇත්තටම ලස්සන කතාවක්. හිතන්න දෙයක් ඉතුරු කරනවා. අනිවා බලන්න කාලෙකට බලන්න ලැබෙන නියම ෆිල්ම් එකක්.


                          700mb කොපිය මෙතනින් බා ගන්න
               300mb කොපිය මෙතනින් බා ගන්න
                                               

චිත්‍රපට නිෂ්පාදනය

මෙ කියන්න යන්නෙ චිත්‍රපට නිශ්පාදනය ගැනයි. හැදින්වීම වැඩිද මන්දා. හැදින්වීම ඉවර කරලා ඉක්මනටම චිත්‍රපටි ගැන කියන්න හදන්නෙ. එතකන් ඉවසලා ඉන්න හොදෙ.......... චිත්‍රපටි හදුනවලාම චිත්‍රපටි ගැන ලබා දුන්නාම ඔයාලට දැනුමකුත් එනවනෙ....


චිත්‍රපට නිෂ්පාදනය - පෙර නිෂ්පාදනය

පෙර නිෂ්පාදනයේ දී, චිත්‍රපටය නිර්මාණය සහ සැලසුම් කිරීම සිදුවේ. නිෂ්පාදන ආයතනයක් නිර්මාණය කරන අතර නිෂ්පාදන කාර්යාලයක් ද පිහිටු වනු ලැබේ. නිර්මාණයේ කතා ආකෘතියකට නඟන අතර එය චිත්‍ර නිර්මාණකරුවන් සහ සංකල්ප නිර්මාණකරුවන් ආධාරයෙන් දෘශ්‍ය රූපයට නගනු ලැබේ. චිත්‍රපටයේ වියදම බැලීම සඳහා නිෂ්පාදන අයවැයක් ද සටහන් කරගනු ලැබේ. නිෂ්පාදකයා විසින් මුදල් ගෙවා සේවක කණ්ඩායමකගේ සහාය ලබා ගනු ‍ලැබේ. චිත්‍රපටයේ ස්වභාවය සහ වියදම මත, චිත්‍රපට නිෂ්පානය අතරතුර යොදා ගනු ලබන කණ්ඩායමේ ප්‍රමාණය සහ වර්ගය තීරණය කෙරේ. හොලිවුඩ් අති දැවැන්ත නිර්මාණයන්හි නළුනිලි සහ සහාය කණ්ඩායම් පිරිසක් දහස් ගණනක් කටයුතු කරන අතර, අඩු වියදම, සපයන චිත්‍රපටයක්, අටක් හෝ නව දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ආධාරයෙන් නිර්මාණය කරනු ලැ‍බේ. නියමාකාර වශයෙන් කණ්ඩායමකට අයත් කාර්යයන් වන්නේ, · චිත්‍රපටයේ රඟපෑම් සහ නිර්මාණාත්මක කොටස් වෙනුවෙන් මූලික වශයෙන් අධ්‍යක්ෂකවරයා වග කියනු ලැබේ. · සහාය අධ්‍යක්ෂකවරයා (AD) විසින් අනෙකුත් කටයතු මැද රූගත කිරීම් කාර්ය සටහන සහ නිර්මාණයේ මනා සංවිධානය හසුරුවනු ලැබේ. · රඟපෑම් අධ්‍යක්ෂකවරයා විසින් පිටපතෙහි චරිත සඳහා නළු නිළියන් සොයා ගනු ලැබේ. මේ සඳහා සාමාන්‍යයෙන් නළුවාගේ ශ්‍රවණ පරීක්ෂණයක් අවශ්‍ය වේ. ප්‍රධාන චරිත ඉතා පරෙස්සමින් තෝරා ගනු ලබන අතර මෙය බොහෝ විට නළුවාගේ කීර්තිය හෝ “තරු බලය” මත තීරණය වේ. · රූගත කිරීම් ස්ථාන කළමනාකරු විසින් චිත්‍රපටයේ රූගත කිරීම් ස්ථාන සොයා ගැනීම කළමණාකරණය සිදු කරයි. බොහෝ දර්ශන චිත්‍රාගාර ශබ්ද වේදිකාවදී රූගත කරන නමුත් සමහර අවස්ථාවලදී පිටත දී රූගත කරන කොටස් චිත්‍රාගාරයෙන් පිටත රූගත කිරීම් සිදු කෙරේ. · නිෂ්පාදන කළමණාකරු විසින් නිෂ්පාදන වියදම සහ නිෂ්පාදන ක්‍රියා පටිපාටිය කළමනාකරණය කරයි. ඔහු හෝ ඇය විසින් නිෂ්පාදන කාර්යාලය වෙනුවෙන් චිත්‍රපටයේ චිත්‍රාගාර විධායක නිලධාරීන්ට හෝ මූල්‍ය ආයෝජකයන්ට වාර්තා කරනු ලැබේ. · කැමරා අධ්‍යක්ෂක (DP නොහොත් DOP) විසින් චිත්‍රපටයේ ජායාරූපකරණය නිර්මාණය කරයි. ඔහු හෝ ඇය විසින් අධ්‍යක්ෂකවරයා සහ ශ්‍රව්‍ය අධ්‍යක්ෂකවරයා (DOA) සහ සහාය අධ්‍යක්ෂකවරයා සමඟ එක්ව කටයුතු කරයි. · කලා අධ්‍යක්ෂකවරයා විසින් කලා අංශය පාලනය කරයි. එමඟින් රූගත කිරීම් ස්ථාන නිර්මාණය කෙරේ. · නිෂ්පාදන නිර්මාණකරු විසින් කළා අධ්‍යක්ෂකවරයා සමඟ එක්ව නිෂ්පාදන රූගත කිරීම් ස්ථාන හා භාණ්ඩායන්හි ප්‍රතිරූපය සහ භාවය නිර්මාණය කරයි. · ඇඳුම් නිර්මාණකරු විසින් චිත්‍රපටයේ නළු සහ අනෙකුත් අංශ සමඟ ළඟින් කටයුතු කරමින් ඔවුන්ගේ චරිත සඳහා ඇඳුම් නිර්මාණය කිරීම සිදු කරයි. · වෙස් ගැන්වීම් සහ කොණ්ඩා නිර්මාණකරු විසින් ඇඳුම් නිර්මාණකරු සමඟ ළඟින් කටයුතු කරමින් චරිත සඳහා නිශ්චිත පෙනුමක් ලබා දීමට කටයුතු කරයි. · කතා ආකෘති නිර්මාණකරු විසින් අධ්‍යක්ෂවරයාට සහ නිෂ්පාදන නිර්මාණකරුට, ඔවුන්ගේ අදහස් නිෂ්පාදන කණ්ඩායමට සන්නිවේදනය කිරීමට උදවු වීමට දෘශ්‍ය රූප නිර්මාණය කරනු ලැබේ. · නිෂ්පාදන ශබ්ද පරිපාලක විසින් චිත්‍රපටයේ නිෂ්පාදන අවස්ථාවේ දී ශබ්ද පාලනය සිදු කරයි. ඔහු හෝ ඇය අධ්‍යක්ෂකවරයා, කැමරා අධ්‍යක්ෂකවරයා සහ සහාය නිෂ්පාදකවරයා සමඟ එක්ව කටයුතු කරයි. · ශබ්ද නිර්මාණකරු විසින් foley නිර්මාණකරුවන්ගේ සහාය ඇතිව අලුත් ශබ්ද නිර්මාණය කරන අතර චිත්‍රපටයේ ශ්‍රව්‍යමය දැනීම වැඩි දියුණු කරයි. · රචකයන් විසින් චිත්‍රපටය සඳහා අලුත් ගීත නිර්මාණය කරයි. · නර්තන නිර්මාණකරු විසින්, බොහෝ විට සංගීතමය අවස්ථාවන් සඳහා චලන සහ නර්තන නිර්මාණය කිරීම සහ සම්බන්ධීකරණය සිදු කරයි. සමහර චිත්‍රපට සඳහා සටන් චලන නිර්මාණකරුවන් ද යොදා ගනී.



චිත්‍රපට නිර්මාණය - පශ්චාත් නිර්මාණය


මෙහිදී චිත්‍රපට සංස්කාරක විසින් චිත්‍රපටය එකලස් කරනු ලබයි. චිත්‍රපට නිර්මාණය කිරීමේ ක්‍රියාවලි‍ෙය් වීඩියෝ කිරීමේ නවීන භාවිතයන් කාර්ය ගලායෑමේ ප්‍රභේද ප්‍රතිඵල 2 ක් ඇති කරයි. එකක් සම්පූර්ණයෙන්ම චිත්‍රපටය භාවිතා කරයි. අනෙක චිත්‍රපටයේ හා වීඩියෝවේ මිශ්‍රණයක් භාවිතා කරයි. චිත්‍රපට කාර්යය ගලා යෑමේදී යාන්ත්‍රික සංස්කරණ යාන්ත්‍රයකින් සංස්කරණය සඳහා මුල් කැමරා චිත්‍රපටය (ප්‍රතිවිරුද්ධ) එක් සැහැල්ලු (one-light) වැඩ මුද්‍රණයකට සංවර්ධනය සහ පිටපත් කිරීම සිදු කරයි. පින්තූර රාමුවේ ස්ථානය දැක්වීම සඳහා ගැට්ටෙහි පිහිටි කේතයක් චිත්‍රපටය සඳහා සටහන් කරයි. ඇවිඩ් (Avid) කොන්ටෙල් (Quantel) හෝ ෆයිනල් කට් ප්‍රෝ (final cut pro) වැනි රේඛාමය නොවන සංස්කරණ පද්ධතීන් සංවර්ධනය වූ දා සිට චිත්‍රපට කාර්යය ගලා යෑම යොදා ගත්තේ කිහිපයක් නිෂ්පාදනයන් සඳහා පමණි.
වීඩියෝ කාර්යය ගලා යෑමේදී කැමරාවේ මුල් පිටපත වීඩියෝ කිරීමට සංවර්ධනය කළේ පරිගනක සංස්කාරක මෘදුකාංගයක් සමඟ සංස්කරණය සඳහාය. කාලකේතයක් වීඩියෝ පටයේ පටිගත කරනුයේ පින්තූර රාමුවේ පිහිටීම නිශ්චය කිරීම සඳහාය. වීඩියෝ පින්තූර රාමුවල නිෂ්පාදන ශබ්දයක් ඇතිවීම මෙම ක්‍රියාවලිය අතරතුරේදී සිදුවේ.
චිත්‍රපට සංස්කාරවරයෙකුගේ මුල්ම කාර්යය වන්නේ තනි දර්ශන මත පදනම්ව අනුපිළිවෙලට දළ කොටසක් (rough cut) ගොඩනැඟීමයි. දළ කොටසෙහි අරමුණ වනුයේ හොඳ දර්ශන තෝරා ගැනීම හා පිළිවෙළට සකස් කිරීමය. ඊළඟ පියවර වනුයේ සෑම දර්ශනයක්ම බාධාවක් රහිත කතාවක් ලෙස ප්‍රසන්නව ගලායෑමට ඉඩදී අලංකාර කොටසක් (fine cut) නිර්මාණය කිරීමයි. දර්ශන මිනිත්තු, තත්පර හෝ රාමුවලට පවා කෙටි කිරීම නොහොත් චිත්‍රපට දර්ශන හැඩ කිරීම මෙම පියව‍රේදී සිදු කරනු ලබයි. අලංකාර කළ කොටස තිරගත කිරීමෙන් හා අධ්‍යක්ෂක විසින් අනුමත කිරීමෙන් පසු චිත්‍රපටය අඟුළු දමනු ලබයි. මෙහි අර්ථය වන්නේ වැඩිදුර වෙනස් කිරීම් නොමැති බවයි. ඉන්පසු ඍණාත්මක දර්ශන ලේඛනයක් (සීමාවෙහි වූ කේතයන් භාවිතයෙන්) හෝ සංස්කරණ තීරණ ලේඛණයක් (කාලකේතයන් භාවිතයෙන්) අතින් හෝ ස්වයංක්‍රීයව සංස්කාරක විසින් ගොඩනඟනු ලබයි. මෙම සංස්කරණ ලේඛන අලංකාර කොටසෙහි (fine cut) වූ සෑම මූලාශ්‍රයක්ම හා චිත්‍රපට රාමුවක්ම හඳුනාගනු ලබයි. ‍
චිත්‍රපටය වැඩිදුර වෙනස්කම් කිරීම්වලින් තොරවූ විට සංස්කාරකගෙන් ශබ්දාගාරය වෙත ස්වරමාලා නිර්මාණය සඳහා යවනු ලබයි. ශබ්ද පටිගත කිරීම් සමකාලීන කිරීමෙන් පසු අවසන් ශබ්ද මිශ්‍රය සාදනු ලබයි. ශබ්ද බලපෑම, වටපිටාවෙහි ශබ්ද, ADR දෙබස්, Walla සහ සංගීතය ශබ්ද මිශ්‍රය මඟින් සංයෝග කරනු ලබයි.



චිත්‍රපට නිර්මාණය - බෙදාහැරීම




මෙය චිත්‍රපට නිර්මාණයේ අවසන් අදියර වන අතර මෙහිදී චිත්‍ර පටය සිනමා ශාලා හෝ කලාතුරකින් DVD, VCD හෝ VHS (VHS පට වර්තමානයේ එතරම් භාවිත නොවන අතර වැඩිදෙනෙක් සතුව DVD ධාවක යන්ත්‍ර පවතී.) ඔස්සේ බෙදාහරිනු ලැබේ. චිත්‍රපටි සිනමාමය බෙදාහ‍ැරීම සඳහා අවශ්‍ය පරිදි පිටපත් කරගනු ලැබේ. මාධ්‍ය සඳහා විශේෂිත කට්ටලයන් ලබාදෙන අතර පොස්ටර් සහ අනෙකුත් ප්‍රචාරක ද්‍රව්‍යය පලකිරීම මගින් චිත්‍ර පටය පිළිබඳ ප්‍රචාරය කරනු ලැබේ.
සාමාන්‍යයෙන් චිත්‍රපටය උත්සවාකාරයෙන් ප්‍රදර්ශනය ආරම්භ කෙරෙන අතර මාධ්‍ය සාකච්ඡා සිදු කිරීම සහ ප්‍රකාශ නිකුත් කිරීම සිදුකෙරෙයි. තවද ඇතැම් විට නිර්මාණයෙහි පෙරදසුනක් මාධ්‍ය වෙත ලබාදෙන අතර චිත්‍රපටය සිනමා උත්සව වෙතද ඉදිරිපත් කෙරෙයි. චිත්‍රපටය පිළිබඳ විස්තර ඇතුළත් වෙබ් අඩවියක් ද නිර්මාණය කිරීම බොහෝ විට සිදුවේ. තෝරා ගනු ලැබූ සිනමා ශාලාවල චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරෙන අතර සාමාන්‍යයෙන් මාස කිහිපයකට පසු DVD පිටපත් නිකුත් කෙරෙයි. සාමාන්‍යයෙන් චිත්‍රපටය සහ DVD පිටපත් ලොව පුරා ප්‍රචාරණය සඳහා අලෙවි කිරීමේ බලතල අලෙවි කෙරෙයි. ලැබෙන ලාභය බෙදාහැරීමේ ආයතනය සහ නිෂ්පාදක ආයතනය අතර බෙදා ගනු ලැබේ.


විස්තර සහ උපුටා ගැනීම; විකිපීඩියා නිදහස් විශ්ව කෝශය

චිත්‍රපට ඉතිහාසය

අපි චිත්‍රපටි ගොඩාක් බලනවනෙ , ඉතින් චුට්ටක් චිත්‍රපටි වල ඉතිහාසයත් දැනගන්න එකේ වරදක් නැනේ නේද?     මේ ලෝකය දියුණු වෙන වේගෙටම චිත්‍රපටිත් දියුනූ වෙනව, උනා, ඉස්සරහටත් වෙනවා.  මෙන්න චිත්‍රපටි වල ඉතිහාසය.......

චිත්‍රපට ඉතිහාසය

රවුන්ඩ් හේ ගාර්ඩන් ජවනිකාව 1888, සෙලියුලොයිඩ් පට මත පටිගත කල ලොව පලමු චිත්‍රපටය
චිත්‍රපට ඉතිහාසය, 19 වැනි සියවසේ අග භාගයේ සිට 21 වැනි සියවසේ ආරම්භය දක්වා අවුරුදු සිය ගණනකට විහිද යයි. චිත්‍රපට කලාව මූලාරම්භයේ සිට ක්‍රම ක්‍රමයෙන් සන්නිවේදනයේ සහ රසාස්වාදයේ අංගයක් ලෙස මෙන්ම 20 වන සියවසේ ජන සන්නිවේදනයේ වැදගත් අංගයක් ලෙසද වර්ධනය විය. චිත්‍රපට මඟින් කලාව, තාක්ෂණය සහ දේශපාලනය යන අංශ වෙත සැලකිය යුතු බලපෑමක් එල්ල කරයි. චිත්‍රපටියේ උපත ලුවිස් ලී ප්‍රින්ස් විසින් 1888 ඔක්තෝබර් 14 වැනි දින එංගලන්තයේ, බටහිර යෝක්ෂයේ, ලීඩ්ස්, රවුන්ඩ්හේ හි දී චිත්‍රපටයට නගන ලද “රවුන්ඩ්හේ ගාඩ්න් සීන්” නිපදවීමත් සමඟ (Roundhay Garden Scene,) සිදුවිය. දැනට ඉතිරි වී ඇති මුල්ම චිත්‍රපටය ලෙස පොදුවේ මෙය පිළිගැනේ. 1878 දී ලේලන්ඩ් ස්ටෑන්ෆෝර්ඩ්ගේ අනුග්‍රාහකත්වය යටතේ, එඩ්වඩ් මයිබ්‍රිජ් විසින් “ඔසිඩන්ට්” නැමැති අශ්වයෙකුගේ වේග චලන, ත්‍රිමානේක්ෂ කැමරා 12 ක ශ්‍රේණියක් භාවිතා කර කැමරාගත කරනු ලැබීය. මෙම ප්‍රථම අත්දැකීම ජුනි 11 වැනි දින කැලිෆෝනියාවේ පැලෝ ඇල්ටෝ ගොවිපලේ දී සිදු කෙරුණි. මෙහි කැමරා, අශ්වයාට සමාන්තර මාර්ගයක සකසා තිබුණ අතර, සෑම කැමරා පියනක්ම අශ්වයාගේ කුරවලින් ප්‍රේරණය වන පැන්නුම් කම්බියකින් පාලනය කරන ලදී. මෙහි අශ්වයාගේ ධාවන අඩි 20ක් ආවරණය කිරීම සඳහා වෙනම කැමරාවක් තිබූ අතර තත්පරයෙන් දහසෙන් එකක් වැනි අවස්ථා පවා ඡායාරූපයට නගන ලදී. 1893 දී චිකාගෝහි ලෝක කොලොම්බියානු ප්‍රදර්ශනයේ දී, මයිබ්‍රිජ් විසින්, සත්ව සංචාරණය පිළිබඳ දේශන මාලාවක් පවත්වනු ලැබීය. එම දේශන මාලාව ප්‍රදර්ශනය කළ “Midway Plaisance" ශාඛාව ඒ ප්‍රථම වානිජ සිනමා ශාලාව බවට පත් කෙරිණි. පසුව ඔහුගේ “zoopraxiscope” උපකරණය භාවිත කරමින් ඔහුගේ චලන චිත්‍රයන් මහජනතාවගෙන් මුදල් අයකර ප්‍රදර්ශණය කරනු ලැබීය.     


රූප පේළියක් අඩංගු ප්‍රායෝගික ආකාරයක සෙලියුලොයිඩ් පටියක් නිර්මාණය කිරීමේ ගෞරවය, එඩ්සන් රසායනාගාරයන්හි ප්‍රධාන ඉංජිනේරු, විලියම් කෙනඩි ලෝරි ඩික්සන් මහතාට හිමිවේ. මෙම චලන රූප කැමරාගත කිරීමේදී සිහින්ව කපා ඉන්පසු රත් වූ පීඩන තහඩු මඟින් ඉවත් කරනු ලැබේ. ඉන් අනතුරුව ඒවා ඡායා සංවේදී ජෙලටීන් දිස්නමය ආලේපයකින් වසනු ලැබේ. 1893 දී චිකාගෝ ලෝක සැණකෙලියේ දී තෝමස් එඩිසන් විසින් මහජනතාවට මෙම අලුත් නිමැවුම මත පදනම් වූ ප්‍රධාන නිමැවුම් 2 ක් හඳුන්වා දෙනු ලැබීය. එනම් ප්‍රථම ප්‍රායෝගික චලන රූප කැමරාව වන “Kinetoscope” යයි. මෙහි පසුව සඳහන් කළ උපකරණය මඟින් චිත්‍රපටයේ සෙලියුලොයිඩ් පටය අඛණ්ඩ තාපදීප්ත ලාම්පුවක් මඟින් ආලෝකමත් වූ අතර (මෙයට විදුලි මෝටරයක් මඟින් ශක්තිය සපයන ලදී) එය කුඩාදේ විශාල කර බලන කාචයකින් දර්ශනය විය. නරඹන්නා විසින් උපනෙතක් තුළින් රූපය නරඹන ලදී. මෙම “Kinetoscope” හි ඇතුළත, ඩික්සන් විසින් එඩිසන්ගේ “Black Maria" චිත්‍රාගාරයේ දී ඡායාරූපගත කරන ලද අඩි 50 චිත්‍රපට කොටස්වලින් සමන්විත විය. මෙමඟින් සාමාන්‍ය රසවත් නොවන සිදුවීම් (1894 දී “ෆ්‍රෙඩ් ඔට්ගේ කිවිසුම” වැනි) මෙන්ම කරනම් වැනි විනෝදාස්වාදය ගෙන දෙන ක්‍රියා, සංගීත ශාලා රැගුම් දක්වන්නන් සහ බොක්සිං නිරූපන ආදිය පටිගත කරනු ලැබුණි. “Kinetoscope” සාර්ථක ලෙස යුරෝපය කරා පැතිරිණි. කෙසේ නමුත්, ඔවුන් බ්‍රිතාන්‍යයේ සහ යුරෝපයේ පෙර පරීක්ෂණ සහ නව නිමැවුම් පිළිබඳ බොහෝ විශ්වාසය තබා සිටි බැවින්, එඩිසන් කිසිම දිනක අත්ලාන්තික්හි අනෙක් පැත්තට මෙම උපකරණවල පේටන්ට් බලය ලබා දුන්නේ නැත. මෙය බ්‍රිතාන්‍ය විදුලි ශිල්පී සහ විද්‍යාත්මක උපකරණ නිපැයුම්කරුවකු වන රොබට් ඩබ්. පෝල් සහ ඔහුගේ සහායක බර්ට් ඒකර්ස් විසින් අලුතින් නිපදවන ලද කැමරාව වැනි අනුකරණයන් නිපදවීම සඳහා තුඩු දුන්නේය. පෝල්ගේ අදහස වූයේ චලන චිත්‍රයන් තනි නරඹන්නන්ට වඩා ප්‍රේක්ෂක කණ්ඩායම්වලට ප්‍රදර්ශනය කිරීමයි. එබැවින් ඔහු චිත්‍රපට ප්‍රක්ෂේපකයක් නිපද වූ අතර, 1895 දී එහි ප්‍රථම මහජන ප්‍රදර්ශණය පැවැත්විය. මෙම වකවානුවේ දීම, ප්‍රංශයේ Auguste සහ Louis Lumière යන දෙපල විසින්, කැමරාව, මුද්‍රණ යන්ත්‍රය සහ ප්‍රක්ෂේපකය යන 3 ම එකට එක්කොට අතේ ගෙන යා හැකි උපකරණයක් වන “cinematograph” නිර්මාණය කළේය. 1895 අගභාගයේ පැරීසි නගරයේ Antoine Lumière පියතුමා විසින් මහජනයාගෙන් මුදල් අය කරමින් ප්‍රක්ෂේපිත චිත්‍රපට ප්‍රදර්ශණය ආරම්භ කළේය. මෙමඟින් ප්‍රක්ෂේපනය සඳහා අවශ්‍ය මාධ්‍යය පිළිබඳ සංවාදයක් ආරම්භ විය. (1990 ,කුක්) “Workers Leaving the Lumière Factory” සහ “The Sprinkler Sprinkled” වැනි හාස්‍යජනක නාට්‍ය (1895) නිපදවීමත් සමඟ ඔවුන් ඉතා ඉක්මණින් යුරෝපියෝ ප්‍රධාන චිත්‍රපට නිෂ්පාදකයන් බවට පත්විය. ආරම්භයේ දී ප්‍රක්ෂේපනය හෙළා දකිනු ලැබු එඩිසන් ද, මාස 6 කට අඩු කාලයක දී “Vitascope” සමඟ මෙම රැල්ලට එකතු විය. යුරෝපයේ ප්‍රථම චලන රූප චිත්‍රපටවල හිමිකාරීත්වය සහ ප්‍රදර්ශණ අයිතිය බර්ලින්හි මැක්ස් සහ එමිල් ස්ක්ලැඩනොවුස්කි සතු වන අතර ඔවුන් එය 1895 නොවැම්බර් 1 වැනි දින සිට 31 වැනි දින දක්වා "Bioscop" නැමැති චංචලන රහිත ද්විත්ව නිර්මාණ උපකරණය මඟින් ප්‍රක්ෂේපණය කළහ. එම වර්ෂයේදීම මැයි මාසයේ දී ඇමරිකාවේ ඉවුජීන් ඔග්ස්ටින් ලෝස්ටේ විසින් Latham පවුල වෙනුවෙන් ඔහුගේ Eidoloscope උපකරණය නිර්මාණය කරනු ලැබීය. නමුත් ප්‍රථම මහජන චිත්‍රපට පෙර දැක්වීම කරනු ලැබුවේ ජීන් අයිමේ “ඇක්මේ” ලි රොයි නම් ප්‍රංශ ඡායාරූප ශිල්පියා විසිනි. ඔහු විසින් ඔහුගේ 40 වැනි උපන්දිනය යෙදී තිබූ 1894 පෙබරවාරි 5 වැනි දින ඔහුගේ “ආශ්චර්යමත් සිනමා රූප” නිව්යෝර්ක් නඟරයේ ව්‍යාපාරිකයින් 20 දෙනෙකුගේ පමණ කණ්ඩායමකට ප්‍රදර්ශණය කළේය. එකල චිත්‍රපට බොහොමයක් තාවකාලික වෙළෙඳසැල් ඉදිරිපිට අවකාශයෙහි සහ සංචාරක ප්‍රදර්ශකයන් හෝ විවිධ ප්‍රසංග වැඩසටහන් ආදිය හරහා දක්නට ලැබුණි. එක් චිත්‍රපටයක් මිනිත්තු එකක කාල සීමාවකට යටත් වූ අතර සාමාන්‍යයෙන් එහිදී එක් ජවනිකාවක් ප්‍රදර්ශණය කෙරුණි. ඊට තාත්වික හෝ වේදිකාමය, එදිනෙදා ජීවිතය පිළිබඳ මහජන ක්‍රියාකාරකම් ක්‍රීඩා අංගයක් හෝ විනෝදජනක නාට්‍යයක් ඇතුළත් විය. මෙය තුළ සිනමා රූපී තාක්ෂණික ක්‍රම ඉතා අල්ප හෝ නැති තරම් විය. එමෙන්ම ඒවායෙහි සංස්කරණයක් කර නොතිබු අතර සාමාන්‍යයෙන් කැමරා චලන ද නොමැති නීරස නාට්‍යමය රචනා විය. නමුත් නවීන තාත්විකමය චලන ඡායාරූප, සියවස අවසාන වීමට පෙර ලෝකය පුරා රටවල චිත්‍රපට කර්මාන්තය වේගයෙන් පැතිර යාමට හේතු විය.



1895 සිට 1906 දක්වා චිත්‍රපටි


එඩිසන් සමාගම විසින් නිපදවූ මිනිත්තුවක් පමණ දිග සියළුම චිත්‍රපට අතරෙන් අසමසම/සුවිශේෂී චිත්‍රපටය වූයේ “Execution of Mary, Queen of Scots” චිත්‍රපටයයි. මෙයින් පෙන්වූයේ රැජිනක් ලෙස ඇඳගත් පුද්ගලයෙකු කුඩා පිරිසක් ඉදිරියේ දංගෙඩිය මත සිය හිස තැබීමයි. වදකයා පොරව පහත හෙළන අතර රැජිනගේ කදින් වෙන්වූ හිස පොලව මතට වැටේ. මෙම උපක්‍රමය සිදු කළේ කැමරාව නතර කර රැජින (නිළිය) වෙනුවට ව්‍යාජ පඹයෙකු (ඩමියක්) එම ස්ථානයේ තබා පොරව පහත හෙලීමට පෙර නැවත කැමරාව ක්‍රියාත්මක කිරීමෙනි. ඊලගට චිත්‍රපටිය පෙන්වන විට දර්ශනය අඛණ්ඩව ගලාගෙන යන බව පෙනෙන පරිදි කොටස් දෙක එකට එකතු කරන ලදී.

"ට්‍රිප් ටු ද මූන්" (1902) චිත්‍ර පටයේ ජවනිකාවක්
1895දී පළමු Kinetoscope යන්ත්‍ර සමඟ යුරෝපයට අපනයනය කළ චිත්‍රපටි අතර මෙම චිත්‍රපටියද තිබූ අතර එවකට පැරීසියේ Robert-Houdin රඟහලේ මැජික් දර්ශන පෙන්වමින් සිටි ජෝර්ජ් මේලීස් (Georges Melies) විසින් මෙය නරඹන ලදී. 1896දී ඔහු චිත්‍රපටි නිපදවීමට පටන්ගත් අතර එඩිසන් සමාගමේ අනෙකුත් චිත්‍රපටි අනුකරණය කිරීමෙන් පසු ඔහු විසින් ‘The vanishing lady’ චිත්‍රපටිය නිපදවන ලදී. මෙම චිත්‍රපටියෙන් පෙන්වූයේ කලින් සඳහන් කළ එඩිසන් සමාගමේ චිත්‍රපටියේ තිබූ ‘Stop motion technique’ හෙවත් චලන නැවැත්වීමේ (කැමරාව නැවැත්වීමේ) භාවිතයෙන් කාන්තාවක් අතුරුදහන්වූ දර්ශනයකි. මෙම චිත්‍රපටයෙන් පසුව Georges Melies විසින් ඊළඟ වසර කිහිපය පුරා මෙම උපක්‍රමය උපයෝගී කර ගනිමින් තනි දර්ශන (Single shot) චිත්‍රපටි බොහෝමයක් නිපදවන ලදී.
සිනමා ශිල්පයේ අනෙකුත් ප්‍රධාන/මූලික ශිල්ප ක්‍රම වූයේ චිත්‍රපටියේ ද්විත්ව නිරූපණය හෙවත් double exposure වේ. මෙය මුලින්ම සිදුකලේ ජී.ඒ. ස්මිත් විසින් 1898 ජූලි මාසයේ එංගලන්තයේදීය. 1900 දී ඔහුගේ චිත්‍රපට බෙදා හැරීම පවරාගත් Warwick Trading සමාගම විසින් ඔවුන්ගේ නාමාවලියේ (Catalogue) සඳහන් කරන ලදී.
"සැන්ටාක්ලෝස්" (1899) චිත්‍රපටයේ ජවනිකාවක්.
‘Dream vision’ හිදී උඩුකය ඡායාරූපයක් නිරූපණය කරමින් යොදන ලද දර්ශණයක් ඇතුලත්වේ.(1899)/නිවුන් සහෝදරයන් දෙදෙනෙකුගෙන් කෙනෙක් Corsican කඳුකරයේ දඩයමේ ගොස් නැවත නිවසට පැමිණෙන අතර අනෙක් සහෝදරයාගේ හොල්මන ඔහුව මුණ ගැසීමට පැමිණේ. අතිශය සූක්ෂම ඡායාරූපකරණයක් තුළින් හොල්මන පෙන්නුම් කරන ලද්දේ සම්පූර්ණයෙන්ම විනිවිද පෙනෙන ලෙසයි. ඔහුව කඩු පහරකින් මරා දැමූ බවත් සහ පලිගැනීමට සූදානම් වන බව දැක්වීමෙන් පසුව ඔහු අතුරුදහන් වේ. හිම මත සිදු කරන මාරක ද්වන්ධ යුද්ධයක් නිරූපණය කරමින් ඊළඟ දර්ශණය පෙන්වයි. ද්වන්ධ යුද්ධය හා ඔහුගේ සහෝදරයාගේ මරණය එම දර්ශන තුළ විචිත්‍රවත්ව විස්තර කෙරෙන අතර අවසානයේදී ඔහුගේ හැගීම් මැඩපවත්වාගෙන ඔහුගේ මව කාමරයට ඇතුල්වන විට පොළව මතට ඇදවැටේ.

හොල්මන් දර්ශණය සිදුකළේ ප්‍රධාන දර්ශණය තිරගත කිරීමෙන් පසුව පසුබිම/වේදිකාව කලු වෙල්වට්වලින් රැලි කිරීමෙනි. එමෙන්ම මෙම දර්ශණය සකස්කර තිබුණේ ප්‍රතිරූපන තුළින් කිසිවක් නොපෙනෙන ආකාරයටය. එනම් ඝන ද්‍රව්‍යයක් ලෙස පෙනෙන අයුරිනි. වසරකට පසුව ස්මිත් විසින් මෙම ශිල්ප ක්‍රමය ‘Santa Claus’ චිත්‍රපටියේදීද භාවිතා කරන ලදී.
Georges Melies විසින් ප්‍රථම වරට අඳුරු පසුබිමක් තුළ මෙම ශිල්ප ක්‍රමය යොදා ගන්නේ ‘The Cave of the Demons’ චිත්‍රපටියේදීය.


චිත්‍රපට ප්‍රදර්ශණය

මූලික වශයෙන්ම චිත්‍රපට පෙන්වනු ලබන්නේ සුවිශේෂී වූ ස්ථානයක නවකථාමය ස්වරූපයකිනි. නමුත් මෙය ප්‍රදර්ශණය කිරීමේදී මූලික සිද්ධාන්තයක් වශයෙන් ඉක්මනින් විවිධ චිත්‍රපට ශාලාවන්හි ප්‍රදර්ශණය කරන වැඩසටහන් තත්ත්වයට පත්වීම හෝ නාගරික ප්‍රදේශයන්හි පෙන්වන සැණකෙලිවලට චිත්‍රපට ගෙනගොස් තාවකාලික කූඩාරම් ගසා එහි ප්‍රදර්ශණය කරන තත්ත්වයට පත්විය. මේනිසා නිෂ්පාදන සමාගම්වල චිත්‍රපටවල සම්පූර්ණ මුද්‍රණය විකිණීම සඳහා එහි අඩියක් සඳහා මිලක් නියම කරමින් මෙම විෂය පිළිබඳව නොසලකා හරින ලදී. මූලික වශයෙන් සත 15ක නිෂ්චිත මිලක් ඇමෙරිකානු එක්සත් ජනපදය විසින්ද, සිලින් 1 ක් බ්‍රිතාන්‍ය විසින්ද පඩිය ලෙස අයකරනු ලැබිණි. අතින් පාට කරන ලද චිත්‍රපට 1900 වර්ෂයට පෙර වඩාත් ජනප්‍රිය ලෙස නිෂ්පාදනය විය. එහි අඩියක් සඳහා දෙතුන් වතාවක්ම වියදම් කිරීමට සිදුවිය. ඇමෙරිකානු චරිත කථාමය සමාගම් වැනි සමහර නිෂ්පාදකයින් විසින් ඔවුන්ගේ විකිණීමට නොහැකි අසභ්‍ය චිත්‍රපට තමන්ගේම ප්‍රදර්ශණ ඒකකයන් තුළ අයුතු ලෙස භාවිතා කරන ලදී. “The Nickelodeon” නම් චිත්‍රපටිය අන් සෑම චිත්‍රපටයක්ම අභිබවා යමින් අති සාර්ථක ලෙස Pittsburgh හි ස්ථිර චිත්‍රපට ශාලාවක් තුළ ප්‍රදර්ශණය ආරම්භ කෙරුණි. එම දිනයන්හි වැඩිපුර විනාඩි ගණන් දුවනා අවම වශයෙන් පැය බාගයක්වත් දුවන වැඩසටහන් සහ සතියෙන් සතිය වෙනස්වන සුළු දේශීය ප්‍රේක්ෂකයින්ට සමීප වන චිත්‍රපට නොසෑහෙන ලෙස තිබුණි. එක්සත් ජනපදයේ අනෙක් ප්‍රදර්ශකයින් තමන්ට ගැලපෙන දේ ඉක්මනින් අනුගමනය කරන ලදී. එමෙන්ම අවුරුදු දෙකක් තුළ දහස් ගණනින් මුදල් ඉපයීමට මෙම Nickelodeon නම් මෙහෙයුම සමත් විය. එක්සත් ජනපදයේ මෙම තත්වය ලොවපුරා චිත්‍රපට නිෂ්පාදකයින්ට චිත්‍රපට නිෂ්පාදනයට මෙන්ම චිත්‍රපට ප්‍රදර්ශණයටද 1906 සිට නායකත්වය ලබාදුනි.



1906 සිට 1914 දක්වා සිනමා ඉතිහාසය


"කම් අලෝන්ග් ඩු" චිත්‍රපටයේ ජවනිකා දෙකක්.


1907 පමණ වෙද්දී එක්සත් ජනපදයේ කුඩා “නිකලෝඩියන්” සිනමාහල් 4000 ක් පමණ විය. විශාල සංගීතඥයින් පිරිසක් යොදා ගත හැකි වුවත් චිත්‍රපට පෙන්වූයේ පියානෝ වාදකයාගේ සහාය සමඟිනි. සමහර විශාල නගරවල විශාල සිනමාහල් කුඩා සංඛ්‍යාවක්ද තිබුණි. ආරම්භයේදී වැඩසටහන්වල තිබූ චිත්‍රපට වැඩි සංඛ්‍යාවක් “පතේ” චිත්‍රපට විය. නමුත් ඇමෙරිකානු සමාගම් විසින් චිත්‍රපට නිෂ්පාදනය ඉහළ නැංවීම හේතුවෙන් මෙය තරමක් ඉක්මණින් වෙනස් විය. චිත්‍රපට ස්වල්පයක් සඳහා පමණක් වැඩසටහනක් නිපදවීය. එමෙන්ම දර්ශනය මිනිත්තු 30 කට ආසන්න කාලයකදී අවසන් විය. උපරිම දිග අඩි 1000 ක් (මීටර් 300) වන සාමාන්‍යයෙන් එක චිත්‍රපටයක් අඩංගු වන චිත්‍රපටයේ පටය, චිත්‍රපට නිෂ්පාදනයේ හා ප්‍රදර්ශනයේ සම්මත ඒකකයක් බවට මෙම කාලපරිච්ඡේදයේදී පත් විය. සතියකට දෙපාරක් හෝ ඊට වැඩි වාර ගණනක් වැඩසටහන වෙනස් විය. නමුත් වසර 2කට පසු වැඩසටහනේ වෙනස්කම් සතියකට පහ දක්වා ඉහළ ගියේය. සාමාන්‍යයෙන් සිනමාහල් ගොඩනැඟුවේ නගරවල ස්ථාපනය වූ විනෝදාස්වාදය සඳහා වෙන්වූ ස්ථානවලය. බටහිර ලෝකයේ අනෙක් රටවල චිත්‍රපට ප්‍රදර්ශණයද මීට සමාන විය. “නිකලෝඩියන්”ප්‍රදර්ශණයට මාරු වීමත් සමඟම වෙනසක් සිදු විය. 1907 දී “පතේ” මඟ පෙන්වීමෙන් චිත්‍රපට විකිණීම වෙනුවට චිත්‍රපට හුවමාරුව තුළින් බඳු දීම මෙහිදී සිදුවූ වෙනස වේ.

පේටන්ට් අයිතිය ලබා ගැනීම සම්බන්ධයෙන් ඇමෙරිකානු චිත්‍රපට නිපදවන සමාගම් නඩු මඟට පිවිසීමේ ප්‍රවණතාවයක් මෙම කාලයේදී ඇතිවෙමින් තිබුණි. 1908 අග භාගය වන විට ඇමෙරිකානු චිත්‍රපට සමාගම් පාලනය සඳහා ඔවුන් විසින් පේටන්ට් බලපත්‍ර සංචිතයක් පිහිටුවීමෙන් අරමුදලක් ඇති කිරීමට තීරණය කරන ලදී. මෙසේ සලකා බැලූ සමාගම් වන්නේ ප්‍රධාන යුරෝපීය චිත්‍රපට ආනයනය කරනු ලබන පතේ, එඩිසන්, බයෝග්‍රාෆ්, විටාග්‍රාෆ්, ලියුබින්, සෙලිග්, එසනේ, කාලෙම් හා ක්ලේන් ඔප්ටිකල් යන සමාගම්ය. එක්සත් ජනපදයේ එකම චිත්‍රපට තොග නිෂ්පාදකයා හා මෝෂන් පික්චර් පේන්ටන්හි ඊස්ට්මන් කොඩැක් යන එකතුවෙහි කොටසක් වන ජෝර්ජ් ඊස්ටර්න් සමාගම චිත්‍රපට තොග, සාමාජිකයින්ට පමණක් සැපයීමට එකඟ විය. සියලුම චිත්‍රපට බෙදාහරින්නන්ගෙන් හා ප්‍රදර්ශණය කරන්නන්ගෙන් චිත්‍රපට ප්‍රදර්ශණය හා ප්‍රක්ෂිප්ත සඳහා බලපත්‍ර ගාස්තුවක් අය කරන ලදී. අරමුදලෙහි කොටසක් වන නිෂ්පාදන බලපත්‍ර ලාභී ප්‍රදර්ශකයන් සඳහා ඔවුන්ගේ වැඩසටහන් සම්පූර්ණ කිරීමට ප්‍රමාණවත් පරිදි තමන්ගේ නිෂ්පාදන සලාක බෙදා හරින ලදී. (විශාල ප්‍රදර්ශකයින් සඳහා පට දෙකක චිත්‍රපට සතියක් සඳහා, කුඩා ප්‍රදර්ශකයින් සඳහා සතියකට එක පටයක් බැගින්) විටාග්‍රාෆ් හා එඩිසන් යන සමාගම් ඔවුන්ට අවශ්‍ය සලාක ලැබීමේදී අපහසුතාවයන්ට පත් නොවන්නේ මෙම සමාගම් සතුව නිෂ්පාදන ඒකක රාශියක් පැවතීම හේතුවෙනි. නමුත් 1908 දී බයෝග්‍රාෆ් සමාගම විසින් ඔවුන්ගේ එක් ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයෙකු අහිමිකර ගන්නා ලදී. ඔවුන් තමන්ගේ චිත්‍රපට හැදීමේ අවස්ථාව අදක්ෂ නළුවකු හා තිරරචකයකු වන D.W. ග්‍රිනිත්ට පිරිනමන ලදී. ග්‍රිනිත්ට එම රැකියාව සඳහා දක්ෂකමක් ඇති බව ඔවුන් විසින් වටහා ගන්නා ලදී. 1908 සිට 1910 දක්වා ඔහු විසින් තනිවම බයෝග්‍රාෆ් සමාගම සඳහා චිත්‍රපට නිපදවන ලදී. මෙය සතියකට මිනිත්තු 30 ක තිර කාලයක් විය.

නමුත් මෝෂන් පික්චර් පේටන්ට් සමාගමේ චිත්‍රපට කෙරෙහි පැවැති වෙළෙඳපොළ ඉල්ලුම එහි සාමාජිකයින්ට සැපයිය හැකි ප්‍රමාණයට වඩා වැඩිවිය. 6000 ක් පමණ ප්‍රදර්ශකයින් MPPC අරමුදලේ සාමාජික්වය ලබා ගත්තත් 2000 ක් පමණ වන අනෙක් සාමාජිකයින් ඒ සඳහා ඇතුළත් නොවුණි. සුළුතරයක් වන හුවමාරුකරුවන් (බෙදාහරින්නන්) MPPC අරමුදල සඳහා ඇතුළත් නොවී සිටියහ. මෙම ස්වාධීන හුවමාරුකරුවන් අලුත් චිත්‍රපට නිෂ්පාදන සමාගම් සොයා ගැනීමට පටන් ගත්හ. 1991 වන විට ප්‍රමාණවත් තරම් ස්වාධීන හා විදේශීය චිත්‍රපට ස්වාධීන ප්‍රදර්ශකයින්හට ලැබුණි. 1912 වන විට ස්වාධීන ප්‍රදර්ශකයින් වෙළෙඳ පොළෙන් අඩක් පමණ විය. සමස්ත එක්සත් ජනපද වෙළෙඳපොළ පාලනය කිරීමට MPPC හි වු අරමුණ ප්‍රබල ලෙස පරාජය කරන ලදී. MPPC අරමුදලට එරෙහිව පමණක් දැනට අරඹා ඇති රජයේ ප්‍රතිසංගතභාවී (Anti- trust) ක්‍රියාමාර්ගය සත්‍ය වශයෙන්ම පරාජය කිරීමට අවශ්‍ය නොවුණි.



චිත්‍රපටවල අතීත ආවර්ජන ගොඩනැංවීම


මෙම කාලය තුළ දී හඳුනාගත් තවත් වැදගත් ක්‍රමෝපායක් වන්නේ චිත්‍රපට කතාන්දර ගොඩනැංවීම සඳහා “අතීත-ආවර්ජන”(Flash – back) යොදා ගැනීමයි. අතීත-ආවර්ජන යනු කතාවක වර්තමාන දර්ශනයකට අනුගත අතීත දර්ශනයක් පෙන්වීම සහ අවසානයේදී එම දර්ශනවලින් ආපසු වර්තමාන දර්ශනයට පැමිණීමයි. චිත්‍රපට නිර්මාණයේ මුල් කාලයේදී මෙම ක්‍රමය භාවිතා කළේ එක් චරිතයක් අතීතය ආවර්ජනය කර ගන්නා දර්ශනයක් පෙන්වීම සඳහා පමණි. 1901 දී තිරගත වූ Pathe ගේ චිත්‍රපටයක් වූ Histoire Dun Crime (The Story of Crime) චිත්‍රපටයේදී මෙය දක්නට ලැබේ. පළමුවරට චිත්‍රපටයක චරිතයක් අවධියෙන් සිටින අතරතුර අතීතය ආවර්ජනය කර ගන්නා සිද්ධියක් නිරූපනය කර ඇත්තේ 1909 දී තිරගත වූ Vitagraph ගේ Napoleon – Man of destiny යන චිත්‍රපටයෙනි. මෙම චිත්‍රපටයේදී Napoleon සටනින් පසු තම මාළිගයට වී අතීතයේ සිදුවූ විශිෂ්ට සිදුවීම් ආවර්ජනය කරන අවස්ථාවක් නිරූපණය කර ඇත.

අවස්ථාපිත මාතෘකාවක පෙන්නුම් කරන්නේ ඔහු සිතමින් සිටින අවස්ථාව ගැන සහ එම අවස්ථාව නිමා වූ වහාම එම දර්ශනයෙන් ඉවත් වී නැවතත් නැපෝලියන් සිතමින් සිටින අවස්ථාව හඳුනාගැනීමටයි. මෙම අදහස හෙමින් ඊළඟ වසර ගණනක් පුරා පැතිරුණු මෙම ක්‍රියාවලියේදී සාමාන්‍යයෙන් එක් චරිතයක් කතාවේ අතීත අවස්ථා විස්තර කිරීම ප්‍රේක්ෂකයින්ට අසා සිටීමට සලස්වයි. මෙවැනි අවස්ථාවක් ලුයිගි මැගී (Luigi Maggi) ගේ Nozze d’oro (Golden Wedding) නැමති 1911 දී තිරගත වූ චිත්‍රපටයේත් සහ 1912 දී තිරගත වූ එඩිසන් (Edison) සමාගමේ The Passer – By චිත්‍රපටයේත් දක්නට ඇත. අතීත ආවර්ජනයන් යොදා ගැනීමේ සම්මත තත්ත්වය කුමක්ද යන්න හඳුන්වාදීම මෙම චිත්‍රපටයෙන් සිදු විය. පුද්ගලයෙක් ඔවුන්ගේ අතීත කතාවක් පවසන විට කැමරා කෝණය කෙලින්ම ඔහුගේ මුහුණ දෙසට යොමුවී ක්‍රමයෙන් ඔහුගේ මුහුණ මැකී ගොස් ඔහුගේ තරුණ කාලයේ මුහුණ දිස්වී එමඟින් අතීත ආවර්ජනය සිදුවීමද තවත් ක්‍රමයකි. මෙහිදී එක් දර්ශන ඛණ්ඩයක අතීත මතක ආවර්ජනවලට විශාල නිදසුන් ප්‍රමාණයක් 1913 කාලයේ දක්නට තිබුණි. මතකයන් පෙන්වන අතරතුර දීර්ඝ කරන ලද දර්ශන ඛණ්ඩ මාලාවකින් පෙන්වීම දුර්ලභ දෙයක් විය. මෙහිදී තවත් එක් උදාහරණයක් වන්නේ අතීත ආවර්ජනයන් තුළ තවත් අතීත ආවර්ජනයක් තිබෙන දර්ශනයකි. 1913 දී තිරගත වූ Thanhouser සමාගමෙන් නිෂ්පාදනය කරන ලද Just a Shabby Doll චිත්‍රපටයේ එවැන්නක් නිරූපණය කර ඇත.
චිත්‍රපටවල මානසික ආත්මීය රංගෝපාක්‍රම දියුණුවට යොදාගත් එක් ක්‍රමයක් වන්නේ මත්ද්‍රව්‍ය, මායා වැනි දේ චිත්‍රපටවලින් නිරූපණය කිරීමයි. Victorian Jasset නම් 1912 දී තිරගත වූ විශේෂඥ කතාව වන Zigomar Contra Nick Cartar කතාවේ ඇතුළත් කංසා ගුහාවක් හා වැඩිහිටියෙකුගේ මත් දර්ශනය අධි ස්ථාපිතව ප්‍රධාන දර්ශනය මතින් ඉවත් කොට අවසානයේ බහු ප්‍රතිබිම්බයන් එකම රාමුවකට දක්වා ඇත. මෙම අදහසේ සංවර්ධනයක් වන්නේ 1913 දී Itala සමාගමේ Tigris චිත්‍රපටයයි. මත්ද්‍රව්‍ය ග්‍රහණය කර ගැනීමේ බලපෑම ද මෙහි රාමුවේ පසෙකින් නිරූපනය කර ඉන් පසු අලංකාර පසුබිම් තලයේ එකකට එකක් වෙනස් පින්තූර එකතු කර විසුරුවා හරිමින් අධිස්ථාපනය කරයි.


චිත්‍රපට සජීවීකරණයේ සංවර්ධනය

තනි රාමුවේ සජීවීකරණ තාක්ෂණය වැඩිදුර සංවර්ධනය කරනු ලැබුවේ 1907දී Edvin S. Poter ගේ The Teddy Bears සහ J. Stuart Blackton ගේ Work Made Easy යන චිත්‍රපටි වලිනි. මෙම චිත්‍රපට සඳහා ප්‍රථම වරට පැහැදිලිව පෙනෙන පරිදි එහාමෙහා චලනය වන වලසුන් නිර්මාණය කෙරිණි. රාමුවෙන් රාමුවට සජීවීකරණ භාවිතයට ගනිමින් මෑත කාලීනව චිත්‍රපටි ප්‍රදර්ශනයේදී මිනිසාගේ මැදිහත්වීමකින් තොරව චිත්‍රපටි ප්‍රදර්ශනය කළහැකි උපකරණද නිර්මාණය කරන තත්ත්වයට පත්විය. මෙම තාක්ෂණය යුරෝපය කරා ඉතා ශිඝ්‍රයෙන් ව්‍යාප්ත වූ අතර Segundo De Chomon සහ Pathe සමාගම විසින් මැටි සජීවීකරණය තවදුරටත් ඉදිරියට ගෙනයාම සිදුකරනු ලැබීය. ඒ විරූපී මූර්ති එක් රාමුවක සිට අනෙක් රාමුවට මාරු කිරීමේ මූර්ති ශිල්පී හැඩය මඟිනි. ඉන්පසු ඊළඟ පියවර ලෙස සජීවීකරණ ප්‍රදර්ශන හැඩය ඇති විය. ප්‍රංශ ජාතික Emile Chole ගේ සංවර්ධිත සජීවීකරණ චිත්‍රපට මාලාව Fantasmagorie චිත්‍රපටයෙන් ආරම්භ කරන අතර එහි මිනිසුන් සහ උපකරණ සංඛ්‍යා ආකෘති වශයෙන් ඇද චිත්‍රපට පාඨමාලාව පුරා විශිෂ්ට අන්තර් ක්‍රියා විපර්යාසයක් ලෙස ඉදිරිපත් කරන ලදී. එක්සත් ජනපදයේ සුප්‍රසිද්ධ කාටුන් චිත්‍රපටි කලාකරුවෙක් වන Minsor Mccay විසින් වර්ෂ 1911දී වඩාත් තාත්වික සජීවීකරණ සුමට හා වඩාත් ස්වාභාවික අංග චලන සමඟ චිත්‍රපට පාඨමාලාවක් Vitagraph සමාගම විසින් නිපදවිය. ඉන්පසු වසර කීපයක් තුළදී එක්සත් ජනපදයේ මෙන්ම ලොව වෙනත් රටවල පුද්ගලයින්ද මෙම සජීවීකරණ කාටුන් කලාවේ දියුණුව සඳහා දායක විය.

විවිධ චිත්‍රපට ශෛලීන්

1906 න් පසුව චිත්‍රපට නිෂ්පාදනයේ ශීඝ්‍ර වැඩිවීම මඟින්, ඉහළ යන ශ්‍රම විභජනයත් සමඟ විශේෂඥ ලේඛනයක් චිත්‍රපට නිපදවීමට යොමු කරන ලදී. නමුත් එය එසේ වුවත් චිත්‍රපට සමාගම්වලට තම නිෂ්පාදනයන් සඳහා ප්‍රමාණවත් තරම් යෙදවුම් ලබා ගැනීම පිණිස තවදුරටත් බාහිර පුද්ගලයින්ගෙන් කතා මිලදී ගැනීමට සිදු විය. මේ නිසා චිත්‍රපටවලට භාවිතා කරන / යොදා ගනු ලබන කතාවල විශාල විවිධත්වයක් පැවතුණි. මෑත අතීතයේ සාහිත්‍ය හා වේදිකාවෙන් පැන නැඟුණු වඩාත් සංකීර්ණ කතාන්දර භාවිතා කිරීමද පිටපත් මඟින් චිත්‍රපට නිපදවීම සංවර්ධනය කිරීමෙහිලා දායකත්වය ලබා දෙන ලදී. සාමාන්‍ය ඇමෙරිකානු ප්‍රවණතාවය වූයේ නවකතා මඟින් ලබා ගත් කතා වස්තුව සරල කිරීම හා එය එක් සේයා පටයකින් කටයුතු කළ හැකි ආකාරයට සකස් කර ගැනීමයි.එසේම කතා වස්තුවේ අන්තර්ගතය, සරල කිරීම හැකිතාක් උපරිම කිරීමයි. නමුත් මේවාට වියතිරේඛ පවතී. රූපගත කිරීමට අපහසු තොරතුරු පවතින අවස්ථාවලදී හා දැඩි නාට්‍යමය රසයක් (ප්‍රබෝධමත් කරන ආකාරයේ ශෛලියක් / රුචිකත්වයක්) හිඟ හෙවත් අඩු අවස්ථාවලදී එම තොරතුරු සෑම දර්ශනයකටම පෙර කතාවේ තේමා යටතට ගනු ලැබේ. මෙය යුරෝපීය චිත්‍රපටවල බහුලව යොදා ගැනෙන පුරුද්දක් ලෙස දැක්විය හැකිය. අනෙකුත් මාධ්‍යයන්වල දැනටමත් ස්ථාපිතකර ඇති විභජනයන් (අංශයන්) අනුගමනය කරමින් චලන පින්තූර විවිධ ශෛලීන්වලට (කලාවේ හෝ සාහිත්‍යයේ ශෛලීන්) චිත්‍රපට කර්මාන්තය විසින් වර්ගීකරණය කරන ලදී. එහි ප්‍රධානතම අංශ වූයේ හාස්‍යමය හා නාට්‍යමය යන්නයි. නමුත් මෙම වර්ගීකරණයන් තවදුරටත් උප අංශවලට බෙදන ලදී. හාස්‍යමය ‘Slapstick’ ‘හෙවත් දැඩි හා රළු රඟපෑම් ඇති විනෝදජනක නාට්‍ය’ [මෙය බොහෝ විට ‘Burlesque’(එනම් සිනා පහළ කරවන යන අර්ථ ඇති) ලෙස හඳුන්වන ලදී.] හෝ ‘Polite Comedy’ හෙවත් ආචාරශීලී (විනීත ආකාරයේ) නාට්‍ය ලෙස කොටස් දෙකක් යටතේ හඳුනාගත හැකි විය. පසුව මෙම අංශ දෙක ‘Domestic Comedy’ හෙවත් ගෘහස්ථ හාස්‍යමය ජවනිකා හෝ ‘Sophisticated Comedy’ හෙවත් විදග්ධ හාස්‍යමය ජවනිකා ලෙස හඳුන්වන ලදී. D.W. Griffith විසින් Biograph වල ගෙවූ ඔහුගේ පළමු වසර දෙක තුළ ඉහත දෙවනුව සඳහන් කළ චිත්‍රපට ඉතා සුළු ප්‍රමාණයක් නිපදවන ලදී. නමුත් ශෛලීන් කෙරෙහි ඔහු තුළ පැවතියේ අල්ප රුචිකත්වයකි. 1910 සිට Frank Powell සහ ඉන් පසු Mack Sennett විසින් මෙම හාස්‍යමය චිත්‍රපට අධ්‍යක්ෂණය කරන ලදී. Sennett විසින් 1912 දී මෙය හැර ගිය අතර Keystone සමාගම පිහිටුවාලමින් දැඩි හා රළු රඟපෑම් ඇති හාස්‍යමය චිත්‍රපටවලට එනම් (Slapstick Comedy) ඔහුගේ අවධානය යොමු කරන ලදී. මේවා “The Runaway Horse” වැනි මුල් කාලීන Pathe හාස්‍යමය චිත්‍රපටවලින් පැන නඟින ලදී. යුරෝපයෙන් බාධා පමුණුවනු ලැබු හෝ වළක්වනු ලබන ආකාරයේ හාස්‍යමය චිත්‍රපට, සැලකිය යුතු තරම් ප්‍රමාණයන්ගෙන් ප්‍රංශයේ නිෂ්පාදනය වූයේ Max Linder ගේ චිත්‍රපට සමඟිනි. Linder ගේ හාස්‍යමය චිත්‍රපට සකස් කරන ලද්දේ මෙහිදී ලැජ්ජාවට පත්වන කාරණාවන් හා අරමුණු කරා හඹා යාමේදී පැන නඟින්නා වූ බාධක නිසා පැහැදිලි හා නව මාවත් කෙරෙහි අවධානය යොමු කරන ලදී. බොහෝ විට මෙය ලිංගික ස්වභාවයේ අරමුණක් විය. චිත්‍රපට කතාන්දර සරල කිරීමෙහිලා මහඟු බලපෑමක් D.W. Griffich සිදුකළේය. ඔහු Biograph හි වසරක් සිට පසුව, අඩු කතා අන්තර්ගතයක් සහිත (කලින් තිබූ තනි සේයා පටල චිත්‍රපටයකටම වඩා) චිත්‍රපට නිපදවීම ආරම්භ කළේය. උදා: ලෙස The Country Doctor චිත්‍රපටයේ වැඩිපුර චරිත නොවූ අතර එහි ඇතුළත් වූයේ වෛද්‍යවරයෙකු, ඔහුගේ රෝගී වූ දරුවා, ඔහුගේ නිවස ඉදිරිපස හා පිටුපස තවත් අසනීප දරුවෙකු විසූ අසල්වැසි නිවාසයක් පමණි. 1912,1913 වන විට ඇමෙරිකානු සමාගම් විසින් නිපදවූ බොහෝ චිත්‍රපටවල රුචිකත්වය රඳවා ගැනීම උදෙසා නාට්‍යටම ද්විකරණය (පෙරළි) යොදා ගැනීමට වඩා කතාවට නවමු විචිත්‍රත්වයක් යොදා ගන්නා ලදී.

1914 සිට 1919 දක්වා සිනමා ඉතිහාසය

යුරෝපීය චිත්‍රපට නිෂ්පාදන සමාගම්

යුද්ධය ආරම්භයේදී චිත්‍රපට කර්මාන්තයෙහි යෙදී සිටි පිරිස් හමුදා සේවයෙහි යෙදවීම හේතුවෙන් ප්‍රංශයේ චිත්‍රපට නිෂ්පාදනය හා ප්‍රදර්ශණය නතර කිරීමට හේතු විය. චිත්‍රපට නිෂ්පාදනය නැවතත් 1915 දී ආරම්භ වුවත් එය කුඩා පරිමාණයෙන් සිදු විය. විශාල සමාගම් ක්‍රමක්‍රමයෙන් චිත්‍රපට නිෂ්පාදනයෙන් ඉවත් වූයේ චිත්‍රපට බෙදා හැරීම හා ප්‍රදර්ශණය වෙත තම අවධානය දැඩි ලෙස යොමු කිරීමටය. ඒ හේතුවෙන් චිත්‍රපට ශාලා ආනයනය කළ චිත්‍රපට, විශේෂයෙන්ම ඇමෙරිකානු චිත්‍රපට ප්‍රදර්ශණය සඳහා යොදා ගන්නා ලදී. කුඩා නව සමාගම් චිත්‍රපට කර්මාන්තය කෙරෙහි යොමු විය. එමෙන්ම තරුණ අධ්‍යක්ෂකවරුන් එක්සත් ජනපදයේ සේවය කරන අයගේ පුරප්පාඩු පිරවීමට වෙළෙඳපොළට ඇතුළත් විය. ඒබල් ගාන්ස් යනු මෙවැනි විශිෂ්ට ගණයේ අධ්‍යක්ෂක වරයෙකි.
ඉතාලි චිත්‍රපට නිෂ්පාදනය යුද්ධය අතරතුරදී ආරම්භ විය. කෙසේ වෙතත් “ඩීවා චිත්‍රපට” නමින් විනාශකාරී වෙනසක් ඉහත කාරණයේදී ඇති විය. මෙම ප්‍රේමාන්විත නාටක නොසතුටු ප්‍රේමයෙන් පසුතැවෙන කාන්තා තරුවකින් (ඩීවා) සමන්විත වේ. එමෙන්ම මනහර, නිමා නොවන දුක්බර ලීලාව (Art Nouveau Poses) වගේම පිරිමින්ගේ ප්‍රශංසා කිරීම් හා සුඛෝපභෝගීත්වය මෙම චිත්‍රපටය තුළ අඩංගු වේ. 1915, 1916 වසරවල ඩෙන්මාර්කයේ නොර්ක්ඩිස්ක් සමාගම එහි නිෂ්පාදනය වැඩි කිරීම හේතුවෙන් එම චිත්‍රපට විකිණීමට නොහැකි විය. එය ඩැනීෂ් නිෂ්පාදන ශීඝ්‍ර ලෙස පහළ බැසීමට හා ලෝක චිත්‍රපට ක්ෂේත්‍රයේ ඩෙන්මාර්කයේ වැදගත් දායකත්වය අවසන් වීමට හේතු විය. 1917 දී ජර්මානු රජය විසින් ජර්මනියේ නෝර්ඩිස්ක් බෙදා හැරීමේ හා සිනමා දාමයෙහි භුක්තිය සාර්ථක ලෙස පැහැරගන්නා ලදී. නිෂ්පාදනය, වෙළෙඳපොළ ඉල්ලුම,පවතින සමතුලිතතාවය මේ සඳහා හේතුවිය. ඩෙන්මාර්ක් චිත්‍රපටවලට වඩා ස්වීඩන් චිත්‍රපටවලට ඉහළ ගුණාත්මකභාවයක් පැවතීම හේතුවෙන් ස්වීඩන් චිත්‍රපට කර්මාන්තය මෙම ප්‍රශ්නයට මුහුණ පෑවේ නැත.

ප්‍රධාන සමාගම් පෙර පරිදිම ක්‍රියාත්මක වුවත් ජර්මානු චිත්‍රපට කර්මාන්තය යුද්ධය හේතුවෙන් දරුණු ලෙස දුර්වල තත්ත්වයකට මුහුණ දෙන ලදී. තනි නිෂ්පාදන වලට ආධාර දීමෙන් සහ මෙස්ටර් (Messter) සමාගම බොහෝ චිත්‍රපට නිපදවීම මඟින් මෙන්ම බෙදා හැරීමේ සංවිධාන ප්‍රක්ෂේපණයෙන්ද “AG සමිතිය” (PAGU) කුඩා සමාගමක් (Umbrella Company) ලෙස ක්‍රියා කරන ලදී. යුද්ධය පැවති වර්ෂ මුළුල්ලේ ත්‍රාසජනක කතා මාලා හා වික්‍රමාන්විත චිත්‍රපට නිපදවූ ජෝ මේ සහ ඉතා සාර්ථක හාස්‍යජනක නාට්‍ය හා නාටක නිපදවූ අර්නස්ට් ලුබ්ටිෆ් මෙම කාලයේ විසු ඉතා වැදගත් චිත්‍රපට නිෂ්පාදකයන් ලෙස සැලකේ. හුදකලා බව හා රටෙහි ස්වභාවය අතින් විශේෂ ලක්ෂණ රුසියානු චිත්‍රපට කර්මාන්තයට හිංසාවක් ඇති නොවීමට හේතු විය. කන්සොන්කොට් සමාගම එය හඳුනාගනිමින් චිත්‍රපට කර්මාන්තය තුළ ආධිපත්‍ය ගනු ලැබීය. නමුත් තරුවක් වන අයිවන් මොස්ජෝකින් සහ ප්‍රධාන අධ්‍යක්ෂකවරයෙකු වන යකොව් ප්‍රොටසනෝව්ගේ ක්‍රියාවක් නිසා 1914 දී පිහිටුවන ලද අර්මෝලි සමාගම කන්සන්කෝට් සමාගමේ ප්‍රධාන තරඟකරුවකු බවට පත් විය. 1918 මුළුල්ලේ නිෂ්පාදනය අඩු වුවත් 1917 ඔක්තෝම්බරයේ ඇතිවූ බෝල්ෂෙවික් විප්ලවය චිත්‍රපට සමාගම්වල පෞද්ගලික අයිතිය මුලදීම ඉවත්කළේ නැත.ඔවුන්ගේ දක්ෂතාවයන් නිසා රට හැර යාම සිදු වූයේ 1919 දී පමණි. එමෙන්ම ප්‍රායෝගිකව කිසිත් නොමැතිවීම හේතුවෙන් ප්‍රබන්ධ චිත්‍රපට නිපදවීම අඩු විය.

චිත්‍රපට කර්මාන්තයේ නිහඬ යුගය 1900


නිඩ යුගයේ චිත්‍රපටවල විශ්මය ජනක අනුපිළිවෙල; 1923 දී Harold Lloyd සමඟ Safety Last!, 1925 දී The Gold Rush Charlie Chaplin. නමුත් වර්තමානයෙහි පවා හොලිවුඩ් විනෝදාශ්වාදයන්හි මුඛ්‍යධාරාවන්ගේ ප්‍රමුඛතාවය එහි තිබිය යුතු තරමටම ශක්තිමත් නොවේ. එසේම විකල්පයන් පුළුල් ලෙස දැකගත හැකි වූ අතර ඒවා බොහෝ වැදගත් විය.


1915 දී ප්‍රංශයේදී විදේශ ආනයනකයින්ට පනවා තිබු තහනම අවසන් වීමෙන් පසු මුල් කාලීන හොලිවුඩ් ගාස්තූන් සිනමා සාහිත්‍ය ක්ෂේත්‍රයේ පුරෝගාමීන්ගේ පිබිදීමට පෙළඹවීමක් සිදුකරන ලදී. ඇතැම් සිනමා නිෂ්පාදක කණ්ඩායම් ප්‍රකාශනාත්මක හා චිත්‍රාත්මක බලපෑම් මෙන්ම රිද්මයානුකූල සංස්කරණයන් සමඟින් පර්යේෂණ සිදු කිරීම ආරම්භ කරන්නට කටයුතු යොදන ලදී. මෙම නව රැල්ල ප්‍රංශ ස්වරය ප්‍රතිපාදක සිනමාව (French Impressionist Cinema) ලෙස හැඳින්විය හැකිය.

ජර්මනිය ඇමරිකාවේ බලවත්ම තරඟකරු විය. එහි ඉතා වැදගත් දායකත්වය සැපයුවේ ජර්මානු ප්‍රකාශන වාදයේ අඳුරු මායාකාරී ලෝකයයි. එසේම එය මනසින් දකින අභ්‍යන්තර තත්ත්වයන් දැමීමට යථාර්ථ විරෝධී ගෙනහැරපෑම්හි බලය මඟින් වඩා උසස් බවට පත්කරයි. එමෙන්ම එය හාස්‍යජනක ප්‍රභේදයන් හෙලිදරව් කිරීමට වඩාත් ශක්තිමත් බලපෑමක් සිදුකරනු ලබයි.

අලුතින් ඇතිවූ සෝවියට් සිනමාව රැඩිකල්වාදී වූ නව නිර්මාණයක් විය. මෙහිදී පෙර පැවති කාර්යභාරයට වඩා කථාව උසස් කිරීම කෙරෙහි සංස්කරණ කලාව සැඩපහරක් සේ වේගවත්ව ඉදිරියට යන්නට විය. ඊනියා, තාර්කික හා බුද්ධිමය සමෝධානය වූ තාක්ෂණය Sergei Eisenstein පූර්ණත්වයට පත් කෙරිණි. එම තාර්කික හා බුද්ධිමය සමෝධානය වූ තාක්ෂණය බොහෝවිට බලන්නාගේ සිත තුළ සාහසික ගැටුම්, රූපන පිළිබිඹු වන අදහස්, ඇවිස්සුනු හැගීම් හා බුද්ධිමය ප්‍රතිචාර ඒකජ නොවන ආකාරයට සැසදීමට යත්න දැරීය.

මේ අතරතුර ඉන්දියානු සිනමාවේ පියා ලෙස සැලකෙන Badasaheb Phalke විසින් ඉන්දියාවේදී ප්‍රථම දීර්ඝ වෘත්ත්‍රාන්ත නිහඩ චිත්‍රපට තැනීය. එම චිත්‍රපටය 1913දී Period Piece හෙවත් රාජා හරිස්චන්ද්‍ර විය. එසේම එය කාල චිත්‍රපට සඳහා පදනම් දමනු ලැබීය. ඊළඟ දශකය තුළදී ඉන්දියානු සිනමාවේ වාර්ෂික නිමැවුම් සාමාන්‍ය චිත්‍රපට 27ක් විය.

බොහෝ රටවල සංස්කෘතික පෙරටුගාමී පරපුර, කෙටිවූ, සම්පූර්ණයෙන් තනිවූ ඒකීය කතාන්දර, ශුද්ධ සෞන්දර්ය වාදී වූ හා උප වින්‍යානිකව අවිචාරී වූ පර්යේෂණාත්මක චිත්‍රපට සමඟ එක්ව වැඩ කරන්නට විය. මෙය ස්පාඤ්ඤ කලා සාම්ප්‍රදායික Luis Bunuel ගේ වැඩ නිසා වඩා ප්‍රසිද්ධ විය. කෙසේ හෝ මෙම දශකය තුළ චිත්‍රපටයේ මුඛ්‍ය ධාරාව දරුණු ලෙස බෙදීමට ලක්වීම සනිටුහන් කරමින් ජනප්‍රිය හා කලාත්මක චිත්‍රපට ලෙස වර්ගීකරණය විය.
නමුත් මුඛ්‍යධාරාව තුළදී පවා ශිෂ්ටත්වය වඩා වේගවත් විය. නිහඩ චිත්‍රපටයක් පවා සෞන්දර්යාත්මකව ඉහළ තලයකට ගෙන ඒමට හැකි විය. සිනමා ශිල්පයේ පැවත්මට උපකාර වෙමින් කැමරා වඩාත් පහසුවෙන් ගෙනයාහැකි ලෙස වේගවත්ව පරිවර්තනය විය. එසේම චිත්‍රපට තොග බොහෝ සංවේදී හා හුරුබුහුටි බවට පත්විය. තිර රචනය එහි පළමුව පැවති අස්වාභාවික අතිශෝක්තිය තොරවූ කලාවක් බවට පත්විය. එසේම මනෝමය තේරුම්ගැනීමක් හා විශිෂ්ට විතක්ෂණභාවයක් ළඟාකර ගැනීමට හැකිවිය. දුෂ්‍ය වාග් චාතුර්ය වඩා වර්ධනය වීමක් ලෙස අභ්‍යන්තර මාතෘකා (Intertiles) පිළිබඳ පැවති විශ්වාසය අඩු විය. කලාතුරකින් නිදසුනක් ලෙස වර්ෂ 1926දී ජර්මනියේ නිපදවූ F.W. Murnau ගේ The Last Laugh වැනි චිත්‍රපටවල මෙයින් වැළකිණි. තේරුම් ගැනීමට දුෂ්කර ලෙස මෙම කාලයේදී නිහඩ චිත්‍රපට යුගය අවසාන විය.

ශබ්ද සහිත යුගය

හඬ සහිත චිත්‍රපටි තාක්ෂණය සම්බන්ධයෙන් පටිගත කිරීම සහ නැවත ප්‍රදර්ශනය කරවීම ආශ්‍රිත පර්යේෂණ නිහඬ චිත්‍රපට යුගය පුරාවටම බොහෝ දුරට ඒකකාරී තත්ත්වයක පැවතුණි. කෙසේ නමුත් ශබ්දය රූප සමග සමමුහුර්තණය සහ ශබ්දය ප්‍රමාණවත් තරම් වර්ධනය කිරීම පිළිඳව වූ ගැටලු විසඳා ගැනීම අපහසුවිය. (Eyman 1997) 1926 දී හොලිවුඩ් චිත්‍රාගාරයක් වූ Warner Bros. ආයතනය මගින් “Vitaphone” පද්ධතිය හඳුන්වාදෙන ලදී. මේ ඔස්සේ සජිවී විනෝදාත්මක ක්‍රියා සහ ප්‍රසිද්ධ පුද්ගලයන් පිළිබවඳ කෙටි චිත්‍රපට නිෂ්පාදනය කිරීමටත් ඔවුන් සමත්වූ අතර ඔවුන්ගේ ප්‍රධාන නිර්මාණ කිහිපයකටම පටිගත කළ ශබ්ද ප්‍රයෝග සහ වාද්‍ය වෘන්ද මගින් නිර්මාණය කළ සංගීතය එක් කිරීමටද ඔවුන් සමත්විය. 1927 වසරේ අගභාගයෙහි වෝනර් සමාගම මගින් The Jazz Singer නම් නිර්මාණය ඉදිරිපත් කරන ලදී. එය බොහෝ දුරට නිහඬ චිත්‍රපටයක් වූ නමුදු වාර්තා වැඩසටහනක ප්‍රථම වරට ඇතුළත් වූ සම මුහුර්තිත සංවාද (සහ ගීත) ඇතුළත් වූයේ මෙම නිර්මාණයේ වෙයි. මෙම නිර්මාණය අති සාර්ථක වූ අතර ඉන්පසු ඒහා සමානවම නිර්මාණය කළ The Lights of New York (1928 මෙය සම්පූර්ණයෙන්ම සමමුහුර්තිත ශබ්ද සහිත පළමු වාර්තාමය චිත්‍රපටිය වේ) නිර්මාණයද අතිසාර්ථක විය. මුල් කාලීන තැටිමත ශබ්ද පටිගත කිරීමේ ක්‍රමවේදයන් අනුව(Vitaphone වැනි) ශීඝ්‍රයෙන් සේයාපටය මතම ශබ්දය පටිගත කළ හැකි ලෙස නිර්මාණය කෙරිණි. Fox සමාගමේ Movietone, DeForest හි Phonofilm සහ RCA හි Photophone වැනි ක්‍රමවේදයන් මගින් එම පාට ප්‍රතිස්ථාපනය විය. මෙම නව රැල්ලත් සමග මුලදී ශබ්ද සහිත චිත්‍රපට පිළිබඳව වැඩි විශ්වාසයක් තැබීමට මැලිවිය. කර්මාන්තකරුවන්ගේ අනාගතය කතානාද චිත්‍රපටවලට අයත් බව ඒත්තු ගියේය.

1985 සිට 1906 දක්වා චිත්‍රපටි ඉතිහාසය


1986 දී Kinetoscope pee-show යන්ත්‍රවලින් චිත්‍රපටි ප්‍රදර්ශනය කරනවාට වඩා ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් භාවිතයෙන් පින්තූර චිත්‍රපටි විශාල නරඹන්නන් ප්‍රමාණයකට පෙන්වීමට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් යෙදවීමට සිදු විය.
Armat සහ Jenkins විසින් සංවර්ධනය කරන ලද ‘Phantoscoe’ නම් ප්‍රක්ෂේපණ යන්ත්‍රය Edison සමාගම විසින් ලබා ලන්නා ලද අතර පසුව එය vitascope ලෙස නැවත නම් කරන ලදී. එසේම එය Edison සමාගම විසින් සහ ප්‍රංශයේ සහ එංගලන්තයේ අනෙකුත් පුද්ගලයන් විසින් නිපදවන මී.මී 480 පළල චිත්‍රපටි පෙන්වීම සඳහා වෙනත් පුද්ගලයන් විසින් සාදන ලද විවිධ ප්‍රක්ෂේපණ යන්ත්‍ර සම්බන්ධ කර ගන්නා ලදී.
කෙසේ වුවත්, එක්සත් ජනපදයේ වඩාත්ම සාර්ථක චලන පින්තූර සමාගම වුයේ American Mutoscope සමාගමයි.1900 දක්වාම විශාලතම චිත්‍රපට නිෂ්පාදනය ඔවුන් සතු විය. මෙය මූලිකවම පිහිටු වන ලද්දේ W.K.L Dickson විසින් 1985 දී Edison සමාගම හැරයාමෙන් පසු ඔහු නිපද වූ ආකෘතීන් හා නිර්මාණ භාවිත කරමින් විවර දර්ශන ආකාරයේ චිත්‍රපටිවලින් වාසි ලබා ගැනිමටය. ඔවුන්ගේ උපකරණ මී.මී 70 ප්‍රමාණයේ පුළුල් ලෙස භාවිතා කළ අතර , Mutoscope ලෙස හැඳින්වෙන ඔවුන්ගේ නැරඹුම් යන්ත්‍රයට නිවේශය සඳහා සෑම රාමුවක්ම වෙන වෙනම පත්‍රිකාවලට මුද්‍රණය කරන ලදී. ප්‍රතිබිම්බ පත්‍රිකා ,භ්‍රමණය වන බෙරයක් වැන්නක පර්යන්තයෙන් කැපී පෙනෙන ලදී. Mutoscope හැරුණු විට , ඔවුන්ද Biograph ලෙස හඳුන්වන ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් නිපදවන ලදී. එමගින් , සමාජ ප්‍රතිඡායාවන්ගෙන් / සේයාපට නිපදවන ලැබූ , අඛණ්ඩ චිත්‍රපටි මුද්‍රණයන් ප්‍රක්ෂේපණය කිරීමට හැකි විය.
වෙනත් කුඩා නිෂ්පාදකයන්ද විශාල ප්‍රමාණයක් එක්සත් ජනපදයේ විසූ අතර ඔවුන්ගෙන් ඇතැමෙක් විසින් ශත වර්ෂයේ දිගු කාලීන රූපාකාරයෙක් ගොඩනංවන ලදි. මෙම සුළු පරිමාණ නිෂ්පාදකයන්ගෙන් කෙනෙක් වන American Vitagraph ආයතනය Brookiyn හි ඡායාරෑපගාරයක් ගොඩනංවන ලද අතර එහි මෙහෙයුම් කටයුතු 1905 දී පුළුල් කරන ලදී. 1896 සිට චලන පින්තූර බා දිය හැකි මූලික යන්ත්‍රයන් ආවරණය කරන පේටන්ට් හිමිකම් අඛණ්ඩ නඩු පටිපාටින් එක්සත් ජනපදය තුළ ක්‍රියාත්මක විය.
ප්‍රංශයේ Lumiere සමාගම ,1896 සිට , චිත්‍රපටි කැමරාගත කිරීම පිණිස ලෝකය පුරාම කැමරා ශිල්පීන් යවන ලදී. ඒ කටයුතු මෙම ඡායාරූප ශිල්පීන් විසින් ප්‍රාදේශියව සිදු කරනු ලැබු අතර පසුව ඒවා Lyons වල පිහිටි සමාගමේ කර්මාන්තශාලාවට මුද්‍රණය කිරීම පිණිස යවන ලදී. තවද ඒවා, අවශ්‍ය වන්නා වූ ඕනෑම පුද්ගලයෙකුට විකුණනු ලැබේ.1901වන විට මෙවැනි චිත්‍රපට 1000කට ආසන්න ප්‍රමාණයක් පැවතුන අතර ඒවා බොහෝමයක්ම පාහේ සැබෑ ඒවා වේ.
1898 වන විට ප්‍රංශයේ විශාලතම ප්‍රබන්ධ චිත්‍රපටි නිපදවන්නා වුයේ ceorges melies ය. නිපැයුම් සම්පූර්ණයෙන්ම පාහේ උපක්‍රමික ලක්ෂණ විදහා පෑහ. එමෙන්ම සියලුම චිත්‍රපට වෙළෙඳ පොළේ ඉතාමත් සාර්ථක ලෙස අළෙවි විය. ඔහුගේ දිගු චිත්‍රපටි සම්බන්ධයෙන් පැවති විශේෂ ජන ප්‍රසාදය (1989 සිට ඉදිරියට ඔහුගේ චිත්‍රපටි මිනිත්තු කිහිපයක් දිගු වු අතර අනෙකුත් බොහෝ චිත්‍රපට දිගු වුයේ මිනිත්තුවක කාලයක් පමණි.) අනෙකුත් වෙළෙඳ පොළවලටද වඩා දිගු චිත්‍රපටි නිපදවීමට යොමු කරවන ලදී .
1900 සිට Charles Pathe විසින් Pathe -frrers සන්නම යටතේ චිත්‍රපටි නිපදවීම ආරම්භ කළ අතර චිත්‍රපටි සැබෑ ලෙසම නිපදවීම සඳහා Ferdinand Zecca කුලියට ගන්නා ලදී. 1905 වන විට ලෝකයේ විශාලතම චිත්‍රපට සමාගම වුයේ Pathe ආයතනයයි. පළමු ලෝක යුද්ධය දක්වාම ඔවුන් මෙම ස්ථානය යොදා ගන්නා ලදී. Leon Gaumont විසින් 1900දී චිත්‍රපටි නිෂ්පාදනය ආරම්භ කළ අතර ඔහුගේ නිපදවීම Alice Guy විසින් අධීක්ෂණයට ලක් කරන ලදී.
එංගලන්තයේ,Robert W.lul ,James William son සහ G.A.Smith සහ වෙනත් නිෂ්පාදකයින් සුළු පිරිසක් 1899 දී Cecll Hepworth සමඟ සම්බන්ධ වු අතර වසර කිහිපයක් ගත වන විට ඔවුන් වසරකට චිත්‍රපට 100ක් පමණ මුදා හරින ලදී.ඔවුන්ගේ සමාගම බ්‍රිතාන්‍යයේ විශාලතම චිත්‍රපට නිෂ්පාදන සමාගම බවට පත්විය.

උපුටා ගැනීම; විකිපීඩියා නිදහස් විශ්ව කෝශය







Sunday, December 11, 2011

IMDb - Internet Movie Database ( අන්තර්ජාල චිත්‍රපට දත්ත ගබඩාව)

 මෙම වෙබ් අඩවිය මගින් අපිට චිත්‍රපට ගැන බොහෝ තොරතුරු දැනගන්නට ලැබෙනවා. මෙම වෙබ් අඩවිය දැන් අයත්ව තිබෙන්නෙ Amazon.com. වෙතයි. 

මෙය මේ වසරෙ 40 වන ස්තානයට වැඩියෙන්ම භාවිතා කල වෙබ් අඩවිය වනවා. මෙයින් චිත්‍රපට පමනක් නොව, රූපවාහිනි වැඩසටහන්, නලු නිලියන් ගැන තොරතුරු, අලුත් වීඩියො ක්‍රිඩා ආදි බොහෝ දෙ ගැන තොරතුරු දැනගන්න පුලුවන්.


 චිත්‍රපටි ගැන තොරතුරු සෙවීමෙදි බොහො දෙනෙක් සොයා බලන්නෙ IMDb rating එක ගැනයි. මෙය 1- 10 දක්වා අගයන් ලබා දෙයි. කෙසේ වෙතත් මෙම වර්ගීකරනය මගින් චිත්‍රපටයක් තෝරා ගැනීම  හො නොගැනීම තීරනය කල නොහැක. සමහර හොද චිත්‍රපට වලට මෙම අගය අඩු වන අතර සමහර එච්චර හොද හොද නැති නිර්මාන වලට වැඩි අගයන් ලැබී තිබෙනවා. කෙසේ වෙතත් සාපේක්ශව 4/10 අඩු අගයක් නම් එය දුර්වල නිර්මාණයක් වනවා. 4/10-6/10 මධයස්ත අගයක් ගනු ලබනවා . 6.5/10- 8/10 අගයක් නම් එය හොද නිර්මාණයක් වනවා. 8/10 වැඩි නම් ඉතා හොද නිර්මාණයක් වන අතර IMDb top 250 චිත්‍රපට අතරට ඇතුලත් වෙනවා. මෙම හොදම 250 අතරට එන්න නම් එම චිත්‍රපටයට 3000 කට වැඩි පිරිසක් ඡන්දය ලබා දෙන්න වෙනවා. සමහර අවස්තාවල 8/10 ගත් අවස්තාවල හොදම 250ට ඇතුලත් නොවෙන්න පුලුවන්. සමහර චිත්‍රපටි මුල් කාලයෙ අගය වැඩි වී පසුව එම අගය අඩු වෙනවා. IMDb අගය ගලපන්නෙ මෙන්න මේ ක්‍රමයෙනුයි. මේකට සූත්‍රයක් භාවිතා කරනවා.



W = \frac{Rv + Cm}{v+m}
where:
W\ = Weighted Rating
R\ = average for the movie as a number from 0 to 10 (mean) = (Rating)
v\ = number of votes for the movie = (votes)
m\ = minimum votes required to be listed in the Top 250 (currently 3000)
C\ = the mean vote across the whole report (currently 6.9)


මෙම වෙබ්  අඩවියට පිවිසීමට මෙතනට යන්න. 


මෙම වෙබ් අඩවියෙන් චිත්‍රපට අගයන් පමණක් නොව චිත්‍රපට ගැන බොහෝ තොරතු දැන ගැනීමට හැකි වෙනවා.