මේක පරණ උනාට එල බඩුවක්. ආයෙ පට්ටම කතාවක් තියෙන්නෙ . ජේම්ස් කැමරන් හැදුව නිසා බයවෙන්න දෙහෙයක් නෑ. IMDb එකෙත් 8.5 තියෙනවා. මේක පිටසක්වල ජීවීන් ගැන විතරක් නෙමෙ පෙන්වන්නෙ ඊට වඩා ඇතුලට ගිය කතාවක්. කතාවෙ අන්තිමට අපිට අමුතුම හැගීමක් දැනෙනවා. ඒ තරම් සුපිරි විදියට මෙම චිත්‍රපටය හදලා තියෙන්නෙ. පරණ උනාට විශුවල් ඉෆෙක්ට් හොදට තියෙනවා . මම මේක දාන්න හේතුව තමයි මේකෙ අලුත්ම කොටසක් 2012 එනවා. ඒ තමයි Prometheus . ඒක හදන්නෙ අලියන් පලමු කොටස හදපු රිඩ්ලි ස්කොට්. තාම නිකුත් කරලා තියෙන්නෙ පිංතූරයක් විතරයි. 2012 ජූනි 8 තමයි තිරගත වීමට නියමිතව තිබෙන්නෙ.
1 GB කොපිය මෙතනින් බා ගන්න
පික්චර්
Labels
- PG-13 (5)
- කොමඩි (1)
- ක්‍රියාදාම (5)
- ත්‍රාසජනක (4)
- නාට්‍යමය (4)
- ලගදීම එනවා (3)
- විද්‍යා ප්‍රබන්ධ (4)
- සංගීත පට (2)
- සිංහල චිත්‍රපට (1)
- හැදින්වීම (7)
Friday, December 23, 2011
Thursday, December 22, 2011
The Dark Knight Rises(2012) - කලු නයිට්වරයාගෙ නැවත පැමිනීම
මෙන්න July 20, 2012 තිරගත වීමට නියමිත The Dark Knight චිත්‍රපටියේ අලුත් කොටසයි. මෙහි පූර්ව ප්‍රචාරක පටය ඊයෙ නොකුත් උනා. මට නම් හිතෙන්නෙ අනිත් ෆිල්ම්ස් දෙකටත් වඩා පට්ට ෆිල්ම් එකක් කියලා. මේක නිශ්පාදනය කරන්න $ මිලියන 250 ක් ගිහිල්ලා තියෙනවා. තවත් වැඩි වෙන්න පුලුවන්, මේකත් ක්‍රිසෝපර් නෝලන්ගෙ තවත් වැඩක්. 2012 කියන්නෙ හොලිවුඩයේ දැඩි තරගයක් තියෙන වසරක්. ඒ තරම් සුපිරි ෆිල්ම් ටිකක් තමයි එන්න තියෙන්නෙ. තවත් සුපිරි ෆිල්ම් වල ට්‍රෙලර්ස් නිකුත් වී තිබෙනවා. ඒවත් දෙන්නම්කො පස්සෙ. ආ කියන්න අමතක උනා මේකේ කැට් වුමන් කියලා කෙල්ලෙකුත් ඉන්නවනෙ.
Sunday, December 18, 2011
The Dark Knight (2008) - කලු නයිට් වරයා
කොහොම කියන්නද මේ ෆිල්ම් එක ගැන. ඒ තරම් සුපිරි ෆිල්ම් එකක්. මම බලපු හොදම ඇක්ශන් ෆිල්ම් එක. ඇක්ශන් ෆිල්ම් එකකට එහා ගිය පට්ටම ස්ටොරියක් තියෙන කතාවක්. මම කියනවට විශවාස නැත්තම් IMDb රේටින් 8.9 ක් ගත්ත ලෝකෙ හොදම ෆිල්ම් අතර 9 වන ස්තානයේ මේ ෆිල්ම් එක නම් මග හරින්න එපා. මේ කතාව හොදින් තේරුම් ගන්න Batman Begins (2005) චිත්‍රපටිය බලන්න . ඒත් ඒක බාදාවක් නෙමේ මේ චිත්‍රපටිය බලන්න. 2008 වසර් හොල්මන් කරපු මේ චිත්‍රපටිය හදලා තියෙන්නෙ සුපිරි අධයක්ශකවරයෙකු වන Christopher Nolan මෙයා ෆිල්ම් එකක් හැදුවොත් මොලේ පැටලෙන එක අහන්න දෙයක් නෙමෙයි. ප්‍රධාන චරිත Christian Bale, Heath Ledger and Aaron Eckhart විසින්. මෙහි බැට්මෑන්ගෙ හතුරට රගපාන Heath Ledger චිත්‍රපටය තිරගත් වීමට මාස කීපයකට පෙර මිය ගියා. මේ දක්ශ නලුවා ලෝකෙට අහිමි උනෙ අධික ලෙස නිදි පෙති බාවිතයෙන් කියලා තමයි කියන්නෙ. ඒත් ඔහුගේ මරණයට නිශ්චිත හේතු තවමත් නෑ.
බැට්මෑන් කියන්නෙ සුපිරි වීරයෙක්. මොහුව නිර්මාණය කරෙ 1039 DC comics ආයතන විසින්. ඇත්තටම අනෙක් ප්‍රධාන comic නිර්මාණ ආයතන වන MARVEL comics ආයතනයට කරට කර සටනක් දුන්නා. කෙසේ වෙත්තත් 2008 දි MARVAL කොමික්ස් ආයතනයට හොද පහරක් වැදුනා මෙම චිත්‍රපටියෙන්. මෙම චිත්‍රපටිය තමයි මෙතෙක් වැඩිම ආදායම් උපයා ගත් චිත්‍රපටි අතර 10 වන ස්තානයේ පසුවන්නෙ. මම මේ චිත්‍රපටිය ගැන කියන්නෙ නැ. ඔයාලම බලන්න. ආ තව දෙයක් ඊලග අවුරුද්දෙ මේකේ ඊලග කොටස එනවා. ඒ The Dark Knight Rises (2012) ඒකෙ ට්‍රේලර් එක පහල ඇති. ඩොලර් මිලියන 250 ක අති විශාල වියදමකින් හදන මේ චිත්‍රපටිය බලන්න සෑහෙන්න කට්ටියක් බලන් ඉන්න එක නම් නොඅනුමානයි.
එහෙනම් කොමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා
Friday, December 16, 2011
Eagle Eye (2008) - උකුසු ඇස්
මේක ටිකක් පරණ උනාට සිරාම ෆිල්ම් එකක්. අමුතු ආකර්ශනීයබාවයක් තියෙනවා මේ චිත්‍රපටියෙ. එකෙ ප්‍රධාන චරිත කවුරුත් දන්න ට්‍රාන්ස්ෆෝමර්ස් කතා මාලාවෙ රගපාපු Shia LaBeouf සහ Michelle Monaghan . අධයක්ශනය distrubia, i am number four ෆිල්ම් හදපු D.J. Caruso . නිශ්පාදනය ස්පීල්බර්ග් මාමා නිසා ආයෙ මොන කතාද.
ජෙරී ෂෝ කියන්නෙ කඩයක වැඩකරන තරුණයෙක්. හදිස්සියේම ඔහුට දැනගන්න ලැබෙන්නෙ තම නිවුන් සොහොයුරා මිය ගිය බවටයි. මොහු අවමංගලයට සහභාගී වීමෙන් පසු තම කූලී නිවසට යන විට නිවාස අයිතිකාරිය කියන්නෙ තමාට විශාල පාර්සල් තොගයක් යම් පිරිසක් විසින් ගෙනත් තැබූ බවයි. මොහු කාමරයට යන විට මොහුට දැකගන්න ලැබෙන්නෙ අති විශාල අවි ආයුධ තොගයක් තම කාමරයෙ තිබෙන බවයි. මේ අවස්තාවෙ ඔහුට ගැහැනියකගෙන් දුරකථන ඇමතුමක් ලැබෙනවා. ඇය කියන්නෙ තමන් පොලීසියෙ අත්තඩංගුවෙ පත්ව සිටින බවත් එයි බේරීමටනම් ගොඩ නැගිල්ලෙස් පනින ලෙසත්ය. මේ සිදුවීම් වලින් මඤ්ඤං වන මොහු මේ අවස්තාවෙ පොලීසිය විසින් අත්තඩංගුවට පත් වෙනවා. පසුව ඉහල නියෝගයක් ලැබෙනවා මොහුව නිදහස් කරන ලෙස. තවත් තැනක තරුණ මවක් තම පුතා කෝච්චියෙ යන අතරතුර මවට දුරකතනයෙන් ඇමතුමක් ලැබෙන්නෙ තම පුතාව අවශ්‍යනම් තමා කියන විදියට වැඩ කරන්න කියාය. කෙසේ හෝ මොවු දෙදෙනා මේ නොහදුදන ඇමතුම් හමුවෙ මුණගැසෙනවා. මෙම කතාකරන ගැහැණියට තමාට නගරයේ ඇති සියලුම විදුලි උපාංග ක්‍රියාකල හැකි බව පවසයි. මේ තමා කතාවෙ මුල් ටික . ආයෙ පස්ට ෆිල්ම් එක කුතුහලය මුලු චිත්‍රපටිය පුරාම තියෙනවා. අන්තිමට නම් අපිව පුදුම කරනවා. බැලුවෙ නැත්තම් අදම බලන්න. බැලුවත් ආයෙ බලන්න හිතෙනවා. පහල ඇති ලින්ක් එක.
700mb මෙතනින් බා ගන්න
278mb කොපිය මෙතනින් බා ගන්න
Thursday, December 15, 2011
Machan (2008) - මචං , නම බලලා ෆිල්ම් බලන්න එපා.
මේක තමයි මම සිංහල සිනමාවෙ මෙතෙක් දැක්ක හොදම නිර්මාණය. ඉතාලි සිනමා නිර්මාණකරුවකු වන Uberto Pasolini තමයි මේකෙ අධයක්ශනය. කතාව ලියලා තියෙන්නෙ Ruwanthie De Chickera මෙන්න මෙයා. මම ලංකාවෙ චිත්‍රපටක දැක්ක වැඩිම වියදක් දරා ඇති චිත්‍රපට මේක.(මම හොදේ) පවුම් මිලියන 5 ක් ගිහිලා හදන්න. මෙම චිත්‍රපටය බැලුවෙ නැත්තම් වැඩක් නැ. ඒ තරම් සිරාම ෆිල්ම් එකක්. මේක කොමඩි ෆිල්ම් එකක් විදියට පෙනුනත් කතාව යටින් ගලාගෙන යන කතාව නම් විශිෂ්ඨයි. ඔයාලා දන්නව ඇතිනෙ මෝදර පැත්තෙ සහ මුඩුක්කු ආශ්‍රිත ජන ජීවිතය. ඉවරයක් නැති ප්‍රශ්ණ හමුවේ ජීවිතයේ අඩියක් හෝ ඉස්සරහට තැබීමට බලා පොරොත්තුවෙන් පිටරට යෑමට උත්සාහ කරන එහෙත් අවස්තාවක් නැති යහලුවන් දෙදෙනෙක් මුහුදු වෙරලේ අපේක්ශා භංගව සිටින විට වීසිකර දමා තිබූ කොල කැබැල්ලක් හමුවේ. මෙහි තිබෙන්නෙ Sri Lanka National Handball Team පිලිබදව විස්තරයක්. ජර්මනිය විසින් සංවිධානය කරනය මෙයට මොවුන්ට අමුතුම අදහසක් එනවා ඒ Sri Lanka National Handball Team ලෙස ජමනියට පැනගැනීමයි. හෑන්ඩ් බෝල් ගැන මෙලෝ හසරක් නොදන්නා මෝවුන් තවත් 22කු සමග ජමනියට යන්න ගහන ප්ලෑන් එක වීනොදයත් කරදරත් පිට සිදුවන සිද්ධි බලන්නම වටිනවා. කොමඩි ෆිල්ම් එකකින් එහා ගිය මිනිසුන්ගේ ජීවිතවල ඇතුලටම කතා කරන මේ සිංහල චිත්‍රපටමෙ පිටරටදී මෙන්ම ශ්‍රී ලංකාවෙදීත් විශාල සම්මාන ප්‍රමාණයක් දිනා ගෙන තිබෙනවා. සියලු නලු නිලියන් විශිෂිඨ රංගනයක් නිරත වෙනවා. විශේෂයෙන් ලෝකයෙ පැරණිම සම්මන උලෙල හා ලෝකයෙ හොදම සම්මාන උලෙලක් වන Venice International Film Festival උලෙලෙදීත් සම්මාන දෙකක් දිනා ගෙන තිබෙනවා. ඔබත් නැරඹුවෙ නැත්තම් පමානොවී නරඹන්න. විශිෂ්ඨ නිර්මාණයක්. මේ ෆිල්ම් එක ගැන කියන්න නම් බොහෝම දේවල් තියෙනවා. ඔයාලට හිතන්නත් බොහෝ දේවල් ඉතුරු කරයි.
මෙන්න ප්‍රධාන නලුවන්
- Dharmapriya Dias as Stanley
- Gihan De Chickera as Manoj
- Dharshan Dharmaraj as Suresh
- Namal Jayasinghe as Vijith
- Sujeewa Priyalal as Piyal
මෙන්න ලබා ගත් සම්මාන
- 2008, Won FEDIC Award at Venice Film Festival
- 2008, Won Label Europa Cinemas Award for Best European film at Venice Film Festival[10]
- 2008, Nominated for International Jury Award at São Paulo International Film Festival
- 2008, Won Audience Award at Kerala International Film Festival
- 2009, Won Audience Award for Best Film at Transilvania International Film Festival
- 2009, Won Best Feature Film at Palm Beach International Film Festival
- 2009, Won Best Screenplay at Durban International Film Festival
- 2009, Won Golden Iris for Best Film at Brussels European Film Festival
- 2009, Won RTBF TV Prize for Best Picture at Brussels European Film Festival
- 2009, Won Award of the Mayor of the City of Trencin at Art Film Festival
- 2010, Won Best Film of the Year at the Sarasaviya Awards[4]
අහ්, කියන්න අමතක උනා මේක ඇත්තටම වෙච්ච සිදිධියක් කියලා තමයි IMdb කියන්නෙ. කතාවෙ අන්තිමට මොකද්ද උනේ කියලා බලාගන්න පුලුවන්.
ෆිල්ම් එකෙ කොපියනම් දෙන්න විදිහක් නැ. ඒත් කොහෙන් හරි හොයාගෙන බලන්න. පහසුවෙන්ම හොයාගන්න පුලුවන් වෙයි. එහෙනම් කොමෙන්ට් එකක් එහෙම දාලා යන්න අමතක කරන්න එපා. ලැබෙන කොමෙන්ට් ප්‍රමාණය අනුව තමා මේ වගේ විශිෂ්ඨ නිර්මාණ ඔයාලා වෙත ගෙන එන්න පුලුවන් වෙන්නෙ.
Subscribe to:
Posts (Atom)